SKIP TO MAIN CONTENT

වික්ටෝරියා ප්‍රාන්තයටත් දරුණු සුළං සහිත අකුණු කුණාටු තත්ත්වයක්.

Victoria is being hit with strong winds
Victoria is being hit with strong winds Source: Getty Images AsiaPac

1 min read

Published

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට මේ වන විට දරුණු සුළං තත්ත්වයක් හටගෙන ඇති අතර එය පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් යුක්ත විය හැකි බවත් අකුණු කුණාටු තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය අනතුරු අඟවයි.

උතුරු දෙසින් පැමිණෙන මෙම දරුණු සුළං බටහිර දිශාවේ සිට ප්‍රාන්තය හරහා ගමන් කරන බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ Dean Stewart පැවසීය.

මෙල්බන් නගරයට අද (27/03) සන්ධ්‍යා කාලයේදී දරුණු සුළං, වැසි සහ අකුණු කුණාටු තත්ත්වයක් ඇතිවිය හැකි බවද ඔහු පැවසීය.

අද දිනයේ මෙල්බන් නගරයේ උෂ්ණත්වය ක්ෂණිකවම සෙල්සියස් අංශක 32 සිට 18 දක්වා අඩුවූ බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now