අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තය දින 5කට lockdown කෙරේ

කොරෝනා වෛරසයේ Delta ප්‍රබේදය වැළඳුනු පුද්ගලයින් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හඳුනාගැනීම හේතුවෙන් අද (15) මධ්‍යම රාත්‍රියේ සිට දින 5ක කාලයක් ප්‍රාන්තය lockdown කිරීමට තීරණය කොට තිබේ. මෙය කොරෝනා වෛරසය ඔස්ට්‍රේලියාව තුල ව්‍යාප්ත වීම ඇරඹීමෙන් පසු වික්ටෝරියා ප්‍රාන්තය තුල සිදු කෙරෙන පස් වන lockdown කිරීම ලෙස සැලකේ

Flinders station in Melbourne CBD

Melbourne goes into lockdown from midnight 15/7 Source: AAP Image/James Ross

කොරෝනා වෛරසයේ Delta ප්‍රබේදය ප්‍රාන්තය තුල ව්‍යාප්තවීම වැළක්වීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්තය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දින 5ක හදිසි lockdown තත්වයක් ප්‍රකාශයට පත්කොට තිබේ.

මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews අද සිදු කල අතර ඔහු පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය හේතුන් 5ක් මත පමණක් ප්‍රාන්ත වැසියන් හට නිවසින් පිටත්වීමට හැකියාව හිමි වන බවයි.

ඒ අනුව,

  • ආහාර හෝ අත්‍යවශ්‍ය සැපයුම් සඳහා 
  • නිවසේ සිට කිලෝමීටර 5ක සීමාව තුල පැය 2ක කාලයක් ව්‍යායාම කිරීමට 
  • රැකවරණය ලබාදීමේ කටයුතු සඳහා 
  • අධ්‍යාපන කටයුතු සඳහා (නිවසේ සිට කල නොහැකි)
  • එන්නත් ලබාගැනීමේ කටයුතු සඳහා

නිවසින් පිටත්වීමට අවසර හිමි වේ.

ආහාර හෝ අත්‍යවශ්‍ය සැපයුම් සඳහා එක වරකට එක පුද්ගලයකු හට පමණක් නිවසින් බැහැරට යාම සිදු කල හැක  

මේ වනවිට ප්‍රාන්තය තුල contact tracing සිදුකරන්නන් සහ සෞඛ්‍ය විශේෂඥයින් සිය කටයුතු කාර්යක්‍ෂමව සිදු කරන බව ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා පවසයි.

කෙසේ නමුත් උද්ගතවිය හැකි අයහපත් තත්වය වැළක්වීමේ අරමුණින් ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිවරයාගේ සහ මහජන සෞඛ්‍ය කණ්ඩායමේ උපදෙස් අනුව අද (15) රාත්‍රී 11.59 සිට එළඹෙන අඟහරුවාදා (20) රාත්‍රී 11.59 දක්වා මෙම lockdown කිරීම ක්‍රියාත්මක වන බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews පවසයි.

අද (15) උදෑසන වනවිට නව කොරෝනා ආසාදිතයින් පිළිබඳව වාර්තා කිරීමෙන් අනතුරුව දහවල් වනවිට නව කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ප්‍රජාවෙන් හඳුනාගැනීමට හැකිවූ බවද ඔහු පවසයි

මෙලෙස වෛරසය අසාදනය වූ බවට හඳුනාගත් දෙදෙනාගෙන් එක් අයකු දරුවකු වන අතර අනෙක් පුද්ගලයා වැඩිහිටි පුද්ගලයකු වේ.

මෙම ආසාදිතයින් දෙදෙනාම පසුගිය සති අන්තයේ Melbourne Cricket Ground හි Carlton සහ Geelong කණ්ඩායම් අතර පැවති තරඟය නැරඹීමට ගොස් සිට තිබේ. නමුත් මෙම ආසාදිතයින් දෙදෙනා වෙනත් ස්ථාන වල අසුන්ගෙන සිට ඇති අතර මොවුන් දෙදෙනාට වෛරසය සම්ප්‍රේෂණය වූ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරේ.

මධ්‍යම රජය සමග වික්ටෝරියානු අගමැති, ප්‍රාන්ත වැසියන්ට මුල්‍යාධාර දීමේ එකඟතාවයක් පිළිබඳ සාකච්චාවක

ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මුල්‍යාධාර සම්බන්ධයෙන්, අග්‍රාමාත්‍ය Scott Morrison සමග එකඟතාවයකට පැමිණීමට වික්ටෝරියනු ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා අපේක්ෂා කරයි.

කොරෝනා වසංගතයෙන් වඩාත් පීඩාවට පත් වූ ප්‍රාන්ත සහ ප්‍රදේශ සඳහා විධිමත් මුල්‍යාධාර යෝජනා කරන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී සඳහන් කළේය.

එම යෝජනාව යටතේ සේවකයින් හට අහිමි වන රැකියා පැය ගණන මත සතියකට ඩොලර් 375ක් හෝ සතියකට ඩොලර් 600ක් වශයෙන් වන ගෙවීම් සිදු කෙරේ.

මෙය lockdown කිරීමෙන් දෙවන සතියේ සිට ඇරඹීමද සිදු වේ.

වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටියේ තමන් දිනය පුරා ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සමග කෙටි පණිවුඩ ඔස්සේ සම්බන්ධ වූ බවයි. එමෙන්ම දින 5ක lockdown කිරීමෙන් පසු අදාළ ගෙවීම් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණිය හැකි බවට විශ්වාස කරන බවද ඔහු සඳහන් කොට සිටී.

සාමාන්‍යයෙන් මෙම සහන ගෙවීම දින 7ක කාලයක් තුල සිදුවන අතර සෞඛ්‍ය උපදෙස් අනූව වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown කිරීම දින 5කට පමණක් සීමා වීම මත මෙම මුල්‍යාධාර අපේක්ෂා කිරීම සාධාරණ ලෙස සිතන බවද ඔහු පවසයි.

වික්ටෝරියා ප්‍රාන්තයට ටස්මේනියා දේශසීමා වසා දැමේ

වික්ටෝරියා ප්‍රාන්තය තුල උද්ගතව ඇති තත්වය හමුවේ එම ප්‍රන්තයට සිය දේශසීම වසාදැමීමට ටස්මෙනියාව පියවර ගෙන තිබේ.

මෙම තීරණය හුදෙක්ම කොරෝනා වෛරසයේ Delta ප්‍රබේදය ව්‍යප්තවීමෙන් සිය ප්‍රාන්තය බේරාගැනීම සඳහා ගත තීරණයක් වන බව ටස්මේනියානු මහජන සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ Scott McKeown SBS සේවයට පැවසීය.

ඒ අනුව ජුලි මස 8 වැනිදා සිට වික්ටෝරියා ප්‍රාන්තයට ගිය පුද්ගලයින් හට විශේෂ අවසරයකින් (express permission) තොරව ටස්මේනියාවට ඇතුළුවීමට අවසර හිමි නොවේ.

*****වික්ටෝරියා lockdown කිරීම සම්බන්ධයෙන් යාවත්කාලීන වන තොරතුරු බලාපොරොත්තු වන්න*****


 

ඕස්ට්‍රේලියාවේ COVID 19 හා සම්බන්ද නවතම තොරතුරු දැනගැනීම සඳහා, sbs.com.au/sinhalese වෙත ගොස් ඉහළින් ඇති "කොරෝනා වෛරසය හා සම්බන්ද තොරතුරු " ටැබ් එක මත ක්ලික් කරන්න


 


3 min read

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now