SKIP TO MAIN CONTENT

ජනවාරි 01 වන දා මධ්‍යම රාත්‍රීයේ සිට සියලුම නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ට වික්ටෝරියානු ප්‍රාන්ත සීමාව වසා දැමේ

Victoria border
Victoria - NSW border Source: Getty Images AsiaPac

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

2021 නව වසර උදාවීමත් සමග ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත හා ටෙරිටරි තම ප්‍රාන්ත සීමා සඳහා දැඩි නීති පැනවීමට තීරණය කරයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට සියලුම නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ට වික්ටෝරියානු ප්‍රාන්ත සීමාව වසා දැමීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඊයේ තීරණය කළේය.

නිව් සවුත් වේල්ස් - දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත සීමා තර කිරීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයද යළි පියවර ගෙන තිබේ.

මේ අතර Greater Sydney කලාපය කොරෝනා මර්මස්ථානයක් ලෙස Northern Territory රජය විසින් නම් කර තිබේ.

ඒ අනුව Greater Sydney කලාපයේ සිට Northern Territory වෙත පැමිණෙන සංචාරකයන් තම වියදමින් දින 14 ක් අනිවාර්යෙන් නිරෝධායනය විය යුතුය.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තය හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මධ්‍යම අවදානම්" ප්‍රාන්ත දෙකක් ලෙස බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය විසින් නම් කර තිබේ.

ඒ අනුව අදාළ ප්‍රාන්ත දෙකේම වැසියන් හට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට ඇතුළු වීමේදී සංචාරක තහනම් පනවා තිබේ.

මෙලෙස බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සීමා යළි වසා දැමුවේ තම ප්‍රාන්ත වැසියන්ගේ ආරක්ෂාවට බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති Roger Cook පැවසුවේය. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now