SKIP TO MAIN CONTENT

කොරෝනා හේතුවෙන් වසා දමා ඇති වික්ටෝරියානු ප්‍රාන්තයේ අවන්හල්, ආපන ශාලා සහ තැබෑරුම් ජුනි 01 වන දින සිට යළි විවෘත කෙරේ

Restaurant
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා ඇති වික්ටෝරියානු ප්‍රාන්තයේ අවන්හල්, ආපන ශාලා, තැබෑරුම් සහ pubs එළඹෙන ජුනි මස 01 වන දින සිට විවෘත කිරීමට ප්‍රාන්ත රජය සැලසුම් කරයි.

ඒ අනුව එළඹෙන ජුනි 01 වන දින සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ අවන්හල්, ආපන ශාලා, pubs සහ තැබෑරුම් වල එකවර පුද්ගලයින් 20 දෙනෙකු දක්වා උපරිමයකට යටත්ව අසුන්ගෙන ආහාර පාන ගැනීමට අවසර ලැබේ.

ජූලි මාසයේ මැද බාගයේදී එම ප්‍රමාණය පුද්ගලයින් 100 දෙනෙකු ගේ උපරිමය දක්වා ඉහළ දැමීමටද වික්ටෝරියානු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

කෙසේනමුත්, ඒ සෑම අවස්ථාවකදීම පුද්ගල දුරස්ථභාවය සහ ඉහළ සනීපාරක්ෂක පියවරයන් අනුගමනය කළ යුතු බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now