Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

වික්ටෝරියානු ප්‍රාන්තයට පනවා ඇති කොරෝනා නීති හා සීමාවන් ජුනි 22 සිට තවත් ලිහිල් කෙරේ

Federation Square
Victoria has received 4,000 places for its skilled nomination visa program. Source: AAP

කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයට පනවා ඇති නීති හා සීමාවන් එළඹෙන ජුනි 22 සිට තවදුරටත් ලිහිල් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ අනුව සිනමා ශාලා, රංග ශාලා සහ අවන්හල් සඳහා එළඹෙන ජුනි 22 සිට එකවර උපරිම පුද්ගලයින් 50 දෙනෙකු දක්වා ඇතුල් කරගැනීමට අවසර ලැබේ.

නමුත් වර්ග මීටර 4 ක එක් පුද්ගලයෙකු අඩංගුවන සේ නීතිය එහිදී ක්‍රියාත්මක වේ.

එමෙන්ම ආහාර වේලක් ඇණවුම් නොකර මත්පැන් පමණක් ඇණවුම් කිරීමටද ජුනි 22 සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ අවන්හල්, තැබෑරුම් සහ ආපන ශාලා වලදී අවසර ලැබේ.

වික්ටොරියානු සංචාරක කර්මාන්ත සභාව මෙම පියවර අගය කරන නමුත් වර්ග මීටර හතරේ නීතිය නිසා hospitality ක්ෂේත්‍රයේ ව්‍යාපාර අපහසුතාවට පත්ව සිටින බව පවසයි.

මේ අතර කඳවුරු බිම්, caravan උද්‍යාන සහ මහජන පිහිණුම් තටාකද ජුනි 22 සිට යළි විවෘත කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අවසර ලබාදී ඇත.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මෑතකදී වාර්තා වූ නවතම කොරෝනා ආසාදිතයින් දෙදෙනා විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් බවත් ඔවුන් දින 14 ක කාලයක් නිරෝධායනයක නිරතව සිටි බවත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීනී Jeanette Young පවසයි.

දින 15 ක් ගතවූ තැන ඇතැම් පුද්ගලයින්ට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද ඇය පවසයි.

ඊයේ දිනයේදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කිසිදු නව ආසාදිතයෙකු වාර්තා නොවූ අතර එක් කොරෝනා රෝගියෙකු පමණක් ශ්වසන ආධාරකයක් හා සම්බන්ධ කරමින් රෝහල් ගතව සිටින බවද වාර්තා වේ.


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now