SKIP TO MAIN CONTENT

COVID-19 වසංගතයේ බරපතල බව පිළිබඳ අනතුරු ඇඟවීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජයෙන් නව ප්‍රචාරණ ව්‍යාපාරයක්

Victorian Premier Daniel Andrews addresses the media during a press conference in Melbourne, Monday, August 10, 2020. Victoria has recorded 322 new cases of coronavirus and 19 deaths. (AAP Image/James Ross) NO ARCHIVING
Victorian Premier Daniel Andrews Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

COVID-19 වසංගතයේ බරපතල බව පිළිබඳ සමාජයට අනතුරු ඇඟවීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය නව ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර තිබේ.

මෙතෙක් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයකින් දිනකදී වාර්තා වූ ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාව වික්ටෝරියානු ප්‍රාන්තය විසින් ඊයේ වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නව ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කෙරිණි.

ඊයේ (10/08) අලුතින් වාර්තා වූ නව ආසාදිතයින් 322 දෙනාගෙන් 105 දෙනෙකුට වයිරසය ආසාදනය වූ අයුරු පිළිබඳ නිශ්චිත තොරතුරක් මෙතෙක් හමුවී නොමැත.

කොරෝනා වයිරසය මගින් වැඩිහිටියන්ට හෝ පූර්ව රෝග ලක්ෂණ පවතින අයට පමණක් අහිතකර සෞඛ්‍යමය බලපෑම් ඇති කරයි යන මිථ්‍යාව දුරු කිරීම මෙම බහු විධ ප්‍රචාරණ ව්‍යාපාරයේ අරමුණ බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

මෙම දැනුවත් කිරීම ඉංග්‍රීසි භාෂා වලට අමතරව වෙනත් භාෂා වලින්ද ප්‍රචාරය කෙරෙන බවද ඔහු පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now