SKIP TO MAIN CONTENT

දේශපාලන වංචාවක් හසුවීම නිසා වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ සුළු පරිමාණ ව්‍යාපාර පිළිබඳ ඇමති නෙරපයි

Victorian Labor minister Adem Somyurek.
آدم سومیوریک، وزیر پیشین حکومت‌داری محلی ویکتوریا Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ සුළු පරිමාණ ව්‍යාපාර පිළිබඳ අමාත්‍ය Adem Somyurek අද (15/06) පෙරවරුවේ ප්‍රාන්ත කැබිනට් මණ්ඩලයෙන් නෙරපා හැරිය බව වාර්තා වේ.

ඔහු විසින් සිදුකළ දේශපාලනික වංචා ක්‍රියාවකට ඔහුට චෝදනා එල්ලවී තිබීම ඊට හේතුවී තිබේ.

ව්‍යාජ ශාඛා සාමාජිකයින් නිර්මාණය කිරීම සඳහා අත්පිට මුදල් ලබා දීමේ සිද්ධියකට ඔහුට අදාළ දූෂණ චෝදනා එල්ලවී තිබේ.

The Age පුවත්පත සහ චැනල් 9 රූපවාහිනියේ 60 Minutes වැඩසටහන එක්ව සිදුකළ පුවත් අනාවරණයකදී මේ බව හෙළිවී ඇතැයි සඳහන්.

මේ අතර වික්ටොරියානු ප්‍රාන්ත රජයේ ඇතැම් කාන්තා මන්ත්‍රීවරියන් කිහිප දෙනෙකුම වැරදි ලෙස විවේචනය කිරීමේ චෝදනා ද ප්‍රාන්ත අමාත්‍ය Adem Somyurek හට එල්ලවී ඇත.

මෙය ඇත්තෙන්ම කම්පනයට පත් ක්‍රියාවක් බවත් තමන් මේ සම්බන්ධව කම්කරු පක්ෂ නායකයා සමග සාකච්ඡා කළ බවත් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now