SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු ප්‍රාන්තයේ lockdown නීති නිසා ඔස්ට්‍රේලියාවේ ආහාර හිඟයක් ඇති නොවන බවට වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්

Victorian Premier Daniel Andrews.
Victorian Premier Daniel Andrews. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්තයට පනවා ඇති 4 වන මට්ටමේ කොරෝනා නීති හේතුවෙන් ජාතික වශයෙන් ආහාර හිඟයක් ඇති නොවන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ ගබඩා හා බෙදා හැරීමේ ධාරිතාව අඩුවීම, ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රදේශවල ආහාර සැපයීමට බලපානු ඇතැයි යන බියක් මේ වන විට මතුව තිබේ.

4 වන මට්ටමේ කොරෝනා නීති හේතුවෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ රතු මස් නිෂ්පාදනය 66% ක් දක්වා පහත බසින අතර කුකුළු මස් නිෂ්පාදනය 80% දක්වා පහත බසින බව ඇස්තමේන්තු ගත කර තිබේ.

වෙළඳසැල්වල අඩු සේවකයින් ප්‍රමාණයක් රඳවා ගැනීමට විශාල වැඩ කොටසක් කර ඇති නමුත් ඉල්ලුමට සරිලන ආහාර පාන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණවත් අන්දමින් ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now