Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

එළෙඹෙන ඉරිදා කොරෝනා නීති ලිහිල් කිරීමේදී විශාල වෙනස්කම් බලාපොරොත්තු වෙන්න එපා, වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති මෙල්බර්න් වැසියන්ට දන්වයි

Victorian Premier Daniel Andrews addresses the media during a press conference in Melbourne, Thursday, September 24, 2020. Victoria has recorded 12 new cases and two deaths in the past 24 hours. (AAP Image/James Ross) NO ARCHIVING

Victorian Premier Daniel Andrews addresses the media. Victoria has recorded 12 new cases and two deaths in the past 24 hours. Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ දැනට පනවා ඇති ඇතැම් කොරෝනා නීති එළෙඹෙන ඉරිදා (27/09) ලිහිල් කරන විට එහි විශාල වෙනස්කම් බලාපොරොත්තු නොවිය යුතු බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති  Daniel Andrews මෙල්බර්න් වැසියන්ට පවසයි.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව ක්‍රමිකව පහළ යාමක් දක්නට ලැබෙන බැවින් සැලසුම් කළ ප්‍රමාණයට වඩා වැඩි කොරෝනා නීති ප්‍රමාණයක් ලිහිල් කරනු ඇතැයි බොහෝ දෙනා නගන ප්‍රශ්නය හමුවේ ඔහු මේ බව පැවසීය.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට මේ වන විට පනවා ඇති සිව්වන මට්ටමේ කොරෝනා නීති ලිහිල් කර තුන්වන මට්ටමට ගෙන ඒමට එම සාමාන්‍ය අගය 30 ත් 50 ත් අතර සංඛ්‍යාවක පවත්වාගත යුතුය.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය අද (25/09) වන විට 25.11 ක් දක්වා තවදුරටත් පහත වැටී ඇත.

කලින් ප්‍රකාශයට පත් කළ ප්‍රමාණයට වඩා මේ සති අන්තයේ වැඩි ප්‍රමාණයක් කොරෝනා නීති ලිහිල් කරනු ඇති නමුත් සියලු ප්‍රාන්ත වැසියන් ඒ සඳහා ප්‍රවේශම් සහගත ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති  Daniel Andrews පැවසීය.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now