SKIP TO MAIN CONTENT

මෙල්බර්න් හි ශ්‍රී ලාංකිකයින්ට බෙහෙවින් සමීපව සිටි වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ කතා නායක, හදිසියේම තනතුරින් ඉල්ලා අස්වෙයි.

Victorian speaker and deputy speaker resign
Diputado laborista de Victoria, Telmo Languiller Source: News Corp Australia

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: The Age



Skip to article content

Daniel Andrews ගේ වික්ටෝරියානු ප්‍රාන්ත රජය නවතම අර්බුදයකට පත් කරවමින් වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ කතා නායක සහ නියෝජ්‍ය කතා නායකවරයා හදිසියේම ඉල්ලා අස්වී තිබේ.

පාර්ලිමේන්තු හිමිකම් අයුතු ලෙස පරිහරණය කළා යැයි චෝදනාවක් ඔවුන් වෙත නැගී තිබීම ඊට ආසන්නතම හේතුව වී ඇති බව වාර්තා වේ.

හිටපු කතා නායක Telmo Languiller, වික්ටෝරියානු ප්‍රාන්තයේ බටහිර කලාපය නියෝජනය කරන අතරතුර  Queenscliff හි තම දෙවැනි නිවාසයේ වාසය කිරීම සඳහා ඩොලර් 40,000 ක දීමනාවක් ලබා ගත් බව Fairfax Media අනාවරණය කර ඇත.

මේ අතර නියෝජ්‍ය කතා නායක, කම්කරු පක්ෂයේ Don Nardella ද තම තනතුරෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.

ඩොලර් 100, 000 කට අධික ප්‍රමාණයක් මහජන බදු මුදල් වලින් ලබා ගෙන ඇති බවට ඔහුටද චෝදනා එල්ල වී ඇත.

අධිකරණ නියෝගයක් මත සිදු කළ විගණන ක්‍රියාවලියක් හේතුවෙන් මේ සිදුවීම් සිදුවී ඇති බවද වාර්තා වේ.

හිටපු කතා නායක Telmo Languiller. වික්ටෝරියානු ප්‍රාන්තයේ ශ්‍රී ලංකික ප්‍රජාව සමග ඉතා සමීප සම්බන්ධයක් පැවැත්වූ දේශපලනිකයෙකු වූ අතර ශ්‍රී ලාංකීය ප්‍රජාව සංවිධානය කළ බොහෝ උළෙලවල් සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙසද සහභාගී වී තිබේ.

කොටි ත්‍රස්තවාදීන් ට එරෙහිව මෙල්බන් නුවර ශ්‍රී ලංකේය ප්‍රජාව සංවිධානය කළ විරෝධතා වලදී වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුවෙන් ශ්‍රී ලාංකීය ප්‍රජාවට සෘජුවම සහයෝගය පළ කළ එකම ඔස්ට්‍රේලියානු දේශපාලකයා ලෙසද Telmo Languiller සඳහන් කළ හැකිය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now