එළඹෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයගතහොත් සනීපාරක්ෂක තුවා සහ tampons නොමිලේ

කම්කරු පක්ෂයේ සැලැස්මට අනුව රජයේ රෝහල්, අධිකරණ, TAFE විද්‍යාල, පුස්තකාල සහ දුම්රිය ස්ථාන ඇතුළුව පොදු ස්ථාන 700ක් දක්වා සනීපාරක්ෂක තුවා සහ tampons නොමිලේ බෙදා හැරීමේ යන්ත්‍ර 1,500ක් ස්ථාපනය කෙරේ.

Tampon tax

Source: AAP

නොවැම්බර් 26 වෙනිදා පැවැත්වෙන වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයෙන් නැවත තේරී පත් වුවහොත්, වත්මන් පාලනයේ සිටින ප්‍රාන්ත අගමැති Daniel Andrews ගේ කම්කරු පක්ෂ රජය වික්ටෝරියා ප්‍රාන්තය පුරා සිටින කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට නොමිලේ සනීපාරක්ෂක තුවා සහ tampons ලබා දෙනු ඇත.

එසේ වුවතොත්, සාමාන්‍ය ජනතාවට නොමිලේ සනීපාරක්ෂක නිෂ්පාදන සපයන පළමු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත්වනු ඇත.

ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් 22% ක් අත්විඳ ඇති ගැටලුවක් වන ආර්තවයන් සාමාන්‍යකරණය කිරීම සහ ආර්තව දරිද්‍රතාවය ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

දැනට කාන්තාවන් සඳහා මෙම සනීපාරක්ෂක නිෂ්පාදන වඩාත් පුළුල් ලෙස සපයන ලෝකයේ එකම රට ස්කොට්ලන්තය වේ.

මෙම සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලැබෙන්නේ කෙසේද?

කම්කරු පක්ෂයේ සැලැස්මට අනුව රජයේ රෝහල්, අධිකරණ, TAFE විද්‍යාල, පුස්තකාල සහ දුම්රිය ස්ථාන ඇතුළුව පොදු ස්ථාන 700ක් දක්වා සනීපාරක්ෂක තුවා සහ tampons නොමිලේ බෙදා හැරීමේ යන්ත්‍ර 1,500ක් ස්ථාපනය කෙරේ.

ඔස්ට්‍රේලියාව පුරා සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිලේ බෙදාහරින Share the Dignity නම් සංවිධානය විසින් මෙම පොරොන්දුව පිළිබඳ සතුට පළ කර තිබේ.

කම්කරු පක්ෂයේ මෙම සැලැස්ම සඳහා ඩොලර් මිලියන 23 ක් වැය වන අතර ප්‍රාන්ත අගමැති Daniel Andrews ගේ මූලික නිවේදනයේ ඒවා බෙදාහරින්නන් පිළිබඳ සම්පූර්ණ තොරතුරු සපයා නොතිබුණි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ඔවුන් වික්ටෝරියානු පාසල්වලටද මෙම පහසුකම සපයනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව Share the Dignity හි නිර්මාතෘ Rochelle Courtenay පැවසුවාය.

මේවා Share the Dignity සපයන ඩිස්පෙන්සර්වලට වඩා තරමක් වෙනස් වන අතර, නාස්තිය අවම කිරීම සඳහා යන්ත්‍රය විනාඩි 10කට එක වරකට වඩා භාවිතා කිරීම වළක්වන timer එකක් හෙවත් කාල ගණක යන්ත්‍රයක් සවි කර ඇත.
Share the Dignity Rochelle Courtenay surrounded by women's hands holding 'period packs'
Rochelle Courtenay wants to stop period poverty and take away the idea that menstruation and period products are taboo subjects. Source: Supplied / Share the Dignity

ආර්තව දරිද්‍රතාවය යනු කුමක්ද?

සනීපාරක්ෂක තුවා සහ tampons සුඛෝපභෝගී භාණ්ඩ නොවන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews ගේ මූලික නිවේදනයේ සඳහන් විය.

ඒවා අත්‍යවශ්‍ය දේවල් වන බවත් කාන්තාවන්ට ඔවුන් කොතැනක සිටියත් ඒවා ලබා ගැනීමට හැකි විය යුතු බවත් ඔහු එහිදී පැවසීය.

ආර්තව දරිද්‍රතාවය යනු සනීපාරක්ෂක ද්‍රව්‍ය වැනි මූලික අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි වීම බව Share the Dignity හි නිර්මාතෘ Rochelle Courtenay පැවසුවාය.

ජීවන වියදම ඉහළ යාම මෙම ප්‍රශ්නය උග්‍ර කර ඇති බවද ඇය පැවසුවාය.

සාම්ප්‍රදායික පටු මානසිකත්වය බිඳ දැමීම

සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලබාදීමට සැලැස්වීමෙන් ආර්තවයන් සාමාන්‍යකරණය කිරීම කළ හැකි බවට කම්කරු පක්ෂ රජය ප්‍රකාශ කළේය..

“ඔසප් කාලය තුළ සනීපාරක්ෂක තුවා සහ tampons සඳහා ප්‍රවේශය තිබීම මූලික ගෞරවය ලබා දීමක් බවත් එය ආර්තවය හෙවත් ඔසප් වීම පිළිබඳ ඇති සාම්ප්‍රදායික පටු මානසිකත්වය බිඳ දමන බවත් ප්‍රාන්ත අගමැති Andrews පැවසීය.

ඔසප් වීම සම්බන්ධයෙන් ඇති ලැජ්ජාව නිසා ආර්තව දරිද්‍රතාවයට පිළියම් යෙදීම සහ කාන්තාවන්ට අවශ්‍ය සනීපාරක්ෂක නිෂ්පාදන වෙත ප්‍රවේශ වීමට හැකිවීම සහතික කිරීම වඩාත් අපහසු වූ බව Share the Dignity හි නිර්මාතෘ Rochelle Courtenay පැවසුවාය.

නැවත භාවිතා කළ හැකි සනීපාරක්ෂක නිෂ්පාදන සහ ඉදිරි ක්‍රියා මාර්ග

ෆෙඩරල් රජය වික්ටෝරියා ප්‍රාන්තයේ මෙම පියවර අනුගමනය කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව Rochelle Courtenay ප්‍රකාශ කළාය.

නැවත භාවිත කළ හැකි (reusable) සනීපාරක්ෂක නිෂ්පාදන පිළිබඳව ද රජයන් අවධානය යොමු කළ යුතු බව ඇය පැවසුවාය.

menstrual cups වැනි නිෂ්පාදන වඩාත් තිරසාර වන අතර දිගුකාලීන ඉතිරියක් ලබා දිය හැකි බව ඇය සඳහන් කළාය.

අවදානමට ලක්විය හැකි තත්ත්වයන් තුළ සිටින අය සඳහා එවැනි නිෂ්පාදන සෑම විටම යථාර්ථවාදී විකල්ප නොවන නමුත් කාන්තාවන්ට විකල්ප තිබිය යුතු බව ද ඇය පෙන්වා දුන්නාය.

Share

Published

Updated

By Aleisha Orr, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service