වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතර කොරෝනා වයිරසය පැතිරීම පාලනයට මුව ආවරණ (mask ) පැළදීම කෙරේ අවධානය (SBS සිංහල / වාර්තා)

s

Source: ABC Australia

වික්ටෝරියා ප්‍රාන්තයේ covid 19 මරමස්ඨාන ලෙස හඳුනා ගෙන ඇති ප්‍රදේශ වල ජනතාව වයිරසය පැතිරීම වැලැක්වීම සදහා දැඩි අවධානයෙන් පසු විය යුතු බවට උපදෙස් දී තිබේ. ප්‍රාන්ත අගමැතිවරයා විසින් ද එකවර දින 8ක් පමණ මෙසේ හමුවන ආසාධිතයින් නිසා ප්‍රජාව අතර වයිරසය පැතිරීමේ අවධාමක් ඇති බවට පවසා තිබේ. පසුගිය දින කිහිපය තුල ආසාධනය වූ ස්ථානය සොයා ගත නොහැකි වූ ආසාධිතයන් 10ක් වත් වාර්තා වී තිබේ.
වික්ටෝරියානු බලධාරීන් විසින් Brimbank, Moreland, Darebin, Hume, Casey සහ Cardinia යන බල ප්‍රදේශ මෙසේ මරමස්තාන ලෙස නම් කොට තිබේ.

වික්ටෝරියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරී Brett Sutton ප්‍රකාශ කර ඇත්තේ මෙම පුළුල් බල ප්‍රදේශ වසා දැමීමක් සිදු නොකලද, එක උපනගරයක් පමණක් නම් කොට නැත්තේ ජනතාව මෙම ප්‍රදේශ වල වයිරසය පැතිරීම සුළු කොට තැකීම වැලක්වීමට බවත්, මෙම ප්‍රදේශ වල වෙසෙන ජනයා අතවශ්‍ය කරුණු වලට හැර නිවෙස් වලින් පිටතට නොයාම වැදගත් බවයි. ජනයා පිරුණු ස්ථාන වලට යාමෙන් වැළකීම සුදුසු බවත් සදහන්.

එසේම මේ වන විට එම ප්‍රදේශ වල ජනයා covid 19 පරීක්ෂා සදහා විශාල ප්‍රමාන වලින් යොමු වී ඇති බවත් වාර්තා වේ.

මුව ආවරණ පැළදීම කෙරේ අවධානය යොමු වේ

මහාචාර්ය Sutton පවසන්නේ වික්ටෝරියා වැසියනට මුව ආවරණ පැළදීම සදහා උපදෙස් දීම කෙරේ අවධානය යොමු වී ඇති බව.නමුත් එය අනිවාර්ය කිරීමක් නොකරන බවද ඔහු පවසයි. විශේෂයෙන්ම සාප්පු සංකීර්ණ වලදී අධික ලෙස ජනයා ගැවසෙන විටදී එසේ මුව ආවරණ පැලදීම තුලින් අමතර ආරක්ෂාවක් ලබා ගත හැකි වනු ඇති බව ඔහු පවසයි.

එළබෙන පාසල් නිවාඩු සමයේ සංචාර වලට සුදානම් වන පවුල් යම් හෝ සැකයක් ඇත්නම් ඒ පිලිබදව නැවත සිතා බැලිය යුතු වුවද එහි අවසන් තීරණ එම පවුල් සතු බවද ඔහු පවසයි.

විශේෂයෙන් නිතර මුණ නොගැසෙන පවුල් කිහිපයක් එකරාශි වීම පිළිබද නැවත සිතා බැලිය යුතු බවද Sutton මහතා පවසයි.

හෝටල් තුල නිරෝධානයන වීම

ප්‍රාන්තයට පැමිණෙන අන්තර්ජාතික ගුවන් යානා මගින් පැමිණෙන ජනයා නිරෝධනයනය සදහා වෙනත් ප්‍රාන්ත වෙත යොමු කිරීම  පිලිබදව Sutton මහතා පවසා ඇත්තේ එයට හේතුව මේ වන විටත් 3000ක් පමණ එසේ මෙල්බන් නුවර නිරෝධායනය සදහා යොමු වී ඇති බවයි.

නමුත් ඔහු පවසන්නේ Black Lives Matter රැලි වලට සහභාගී වීම නිසා මෙසේ වයිරසය පැතිර යාම සිදු වූ බවට ඔහු නොසිතන බව.

Source: SBS News


Share

Published

Updated

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service