SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය වීමේ අනුපාතය එකකට වඩා අඩු මට්ටමක

COVID19 VIC
Source: Getty

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඊයේ (09/08) පෙරවරුව වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 394 ක් සමග කොරෝනා මරණ 17 ක් වාර්තා විය.

එමෙන්ම මේ වන විට කොරෝනා රෝගීන් 634 ක් වික්ටෝරියානු ප්‍රාන්තයේ රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින අතර 43 දෙනෙකු දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබයි.

මේ අතර මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ පුද්ගලයාගෙන් පුද්ගලයාට කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය වීමේ අනුපාතය එකට පහළින් ඇති බව වාර්තා වේ.

එනම් සෑම ආසාදිතයෙකුම තවත් එක් පුද්ගලයෙකුට පමණක් වයිරසය සම්ප්‍රේෂණය කරන බවය.

පවතින තත්ත්වය යහපත් අතට පත් කරගැනීම සඳහා කොරෝනා නීති වලට අනුකූලව කටයුතු කරන මෙන් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews සියලු වික්ටෝරියානු වාසීන්ගෙන් ඉල්ලා සිටියි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now