SKIP TO MAIN CONTENT

ලබන සඳුදා සිට වික්ටෝරියා ප්‍රාන්තයේ මුහුණු ආවරණ නීති තවදුරටත් ලිහිල් කෙරේ

Amharic News 10 January 2021
Source: AAP

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

ලබන 18 වැනිදා සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ මුහුනු ආවරණ නීති ලිහිල් කිරීමත් සමග එම ප්‍රාන්තයේ ඇතැම් සේවකයින් හට නැවතත් කාර්යාල වෙත යාමේ අවකාශය හිමි වේ.

ඊයේ දිනය වනවිට වික්ටෝරියා ප්‍රාන්තය කිසිදු ප්‍රජා සම්ප්‍රේශනයක් වාර්තා නොවූ අට වන දිනය ලෙස වාර්තා විය.

එළඹෙන සඳුදා (18) දින සිට ප්‍රාන්තයේ පෞද්ගලික සේවා අංශයන් තුල සේවක ධාරිතාවය නැවතත් 50% දක්වා සහ රාජ්‍ය සේවා අංශයන් තුල සේවක ධාරිතාවය නැවතත් 25% දක්වා ඉහල නැංවීමට ඉඩ ලබාදෙන බව වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews සඳහන් කරයි.

මුහුණු ආවරණ නීති සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන්කොට සිටියේ සුපිරි වෙළඳසැල්, ගෘහස්ථ සාප්පු මධ්‍යස්ථාන, පොදු ප්‍රවාහන සේවා, රෝහල් සහ ගුවන්තොටුපල ඇතුලු ඇතැම් ස්ථාන සඳහා පමණක් මුහුණු ආවරණ අනිවාර්ය කෙරෙන බවයි.

එමෙන්ම මුහුණු ආවරණ පැළඳීමට කිසිවෙකුත් කැමැත්තක් නොදක්වන බව තම පිළිගන්නා නමුත් මෙම අවස්ථාවේ එය සිදු කළයුතුව ඇති බවද ඔහු සඳහන් කර සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now