SKIP TO MAIN CONTENT

කොරෝනා නිසා වික්ටෝරියානු ප්‍රාන්තයේ සියලුම කෞතුකාගාර සහ කලාගාර වසා දැමෙයි

Victoria's museums and art galleries is closed indefinitely in an effort to contain the coronavirus
A number of Victoria state’s largest cultural institutions including the National Gallery of Victoria have also announced temporary closures. Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වයිරසය හේතුවෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ සියලුම කෞතුකාගාර සහ කලාගාර දින නියමයක් නොමැතිව අද සිට වසා දැමීමට තීරණය කරයි.

ඒ අනුව මෙල්බර්න් Arts Centre, Geelong Arts Centre, Melbourne Recital Centre, Museums Victoria, National Gallery of Victoria සහ වික්ටෝරියානු රාජ්‍ය පුස්තාකලය අද සිට වසා දැමෙයි.

මෙල්බර්න් කෞතුකාගාරය, Scienceworks, ආගමන කෞතුකාගාරය සහ Royal Exhibition ගොඩනැගිල්ල වසා දැමීමට පසුගිය සති අන්තයේ ගත් හදිසි තීරණය නිසා මෙලෙස වික්ටෝරියානු ප්‍රාන්තයේ සියලුම කෞතුකාගාර සහ කලාගාර දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කෙරිණි.

මෙම ස්ථාන ජනතාව විශාල ලෙස එක් රැස්වෙන සහ ගැවසෙන ස්ථාන නිසා කොරෝනා වයිරසය ශීග්‍රව පැතිර යාමේ ඉහළ අවදානමක් ඇති හෙයින් මෙලෙස වසා දැමීමට තීරණය කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now