SKIP TO MAIN CONTENT

යාපනය විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්ධ විත්තිකරුවන් 7 දෙනෙකුට මරණ දඬුවම.

Jaffna Vidya Court Case
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර ඝාතනය කළා යැයි චෝදනා එල්ල වූ විත්තිකරුවන් නව දෙනාගෙන් ස්විස්කුමාර් ඇතුළු හත් දෙනෙකු එම චෝදනාවලට වැරදිකරුවන් බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි තීරණය කළ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔවුන් හත් දෙනා හට  ඊයේ (27/09)  මරණ දඬුවම  කළේය.

අධිචෝදනා ලබා සිටි සෙසු විත්තිකරුවන් දෙදෙනාට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපහොසත්වී යැයි තීරණය කළ අධිකරණය එම විත්තිකරුවන් දෙදෙනා සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ද නියෝග කළේය.

බුබාලසිංහම් ජෙයකුමාර්, බුබාලසිංහම් තවකුමාර්, මහාලිංගම් ශසිදරන්, තිලේනාදන් චන්ද්‍රහාසන්, ශිවදේවන් දුෂාන්ත්, ජෙයදරන් කෝකිලන් සහ මහාලිංගම් ශිෂීකුමාර් හෙවත් ස්විස් කුමාර් යන විත්තිකරුවන් හත් දෙනාට මෙලෙස මරණ දඬුවම නියම කෙරිණි.

මෙම නඩුවේ පළමු විත්තිකරු වූ බුබාලසිංහම් ඉන්ද්‍රකුමාර් සහ හත් වැනි විත්තිකරු වූ පලනි රූබසිංහම් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now