SKIP TO MAIN CONTENT

උතුරු පළාත් ප්‍රවාහන හා සෞඛ්‍ය අමාත්‍යවරුන් ගේ මසක නිවාඩු නියෝගය උතුරු මහඇමති ඉවත් කර ගනී.

Sri Lanka Politics
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

උතුරු පළාත් ප්‍රවාහන හා සෞඛ්‍ය අමාත්‍යවරුන්ට පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් මාසයක කාලයක් නිවාඩු යැවීම  සඳහා ගත් තීන්දුව ඉවත් කර ගත් බව සී.වී. විග්නේෂ්වරන් මහතා ,විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

දූෂණ හා වංචා චෝදනා හේතුවෙන් උතුර පළාත් සභාවේ කෘෂිකර්ම සහ අධ්‍යාපන ඇමතිවරුන් එම ධුරවලින් ඉවත් කිරීමට ද ප්‍රධාන අමාත්‍යවරයා පසුගිය දා කටයුතු කළේය.

ඊට සමාගාමීව උතුරු පළාත් ප්‍රවාහන හා සෞඛ්‍ය අමාත්‍යවරුන්ට ද මාසයක කාලයක් නිවාඩු ලබාදීමට ප්‍රධාන අමාත්‍යවරයා කටයුතු කර තිබුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now