SKIP TO MAIN CONTENT

ICC ය නම් කළ ලෝක එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් දෙකේම නායකත්වය විරාත් කෝලිට

Virat Kohli named as the captain in ICC Test & ODI teams
Source: Facebook

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

අන්තර් ජාතික ක්‍රිකට් සභාව හෙවත් ICC විසින් නම් කරන ලද ලෝක එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් දෙකේම නායකත්වය ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලිට හිමිව තිබේ.

මෙම ලෝක එක්දින සහ ලෝක ටෙස්ට් යන කණ්ඩායම් දෙකටම එකදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු හෝ ඇතුළත් වී නොමැති බව වාර්තා වේ.

එහෙත් ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයන් තිදෙනෙක්ද, ටෙස්ට් කණ්ඩායමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පස්දෙනෙක්ද බැගින් ඇතුළත්ව සිටිති.

ලෝක එක්දින ක්‍රිකට් සහ ලෝක ටෙස්ට් කණ්ඩායම් දෙකේම නායකත්වය ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලිට හිමිවීමට අමතරව කණ්ඩායම් දෙකේම ස්ථානයක් හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සහ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් පමණි.

වසරේ ලෝක එක්දින කණ්ඩායම

රෝහිත් ශර්මා (ඉන්දියාව), ශායි හෝප් (බටහිර ඉන්දීය කොදෙව්), විරාත් කෝලි (ඉන්දියාව) - නායක, බාබර් අසාම් (පාකිස්තානය), කේන් විලියම්සන් (නවසීලන්තය), ජොස් බට්ලර් (එංගලන්තය), බෙන් ස්ටෝක්ස් (එංගලන්තය), මිචෙල් ස්ටාක් (ඕස්ට්‍රේලියාව), ටේ‍රන්ට් බෝල්ට් (නවසීලන්තය), කුල්දීප් යාදව් (ඉන්දියාව) සහ මොහොමඩ් සාමි (ඉන්දියාව)

වසරේ ලෝක ටෙස්ට් කණ්ඩායම

මායන්ක් අගර්වාල් (ඉන්දියාව), ටොම් ලේතම් (නවසීලන්තය), මානස් ලැබුෂේන් (ඕස්ට්‍රේලියාව), විරාත් කෝලි (ඉන්දියාව), ස්ටීවන් ස්මිත් (ඕස්ට්‍රේලියාව), බෙන් ස්ටෝක්ස් (එංගලන්තය), බී.ජේ. වොට්ලින් (නවසීලන්තය), පැට් කමින්ස් (ඕස්ට්‍රේලියාව), මිචෙල් ස්ටාක් (ඕස්ට්‍රේලියාව), නිල් වැග්නර් (නවසීලන්ත) සහ නේදන් ලයන් (ඕස්ට්‍රේලියාව)


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now