SKIP TO MAIN CONTENT

Virgin Australia සමාගම Boeing 737 Max 8 යානා සඳහා වූ ඇණවුම සංශෝදනය කරයි

Virgin Australia aircraft in Melbourne.
. Source: AAP

1 min read

Published

By Gamidu Agampodi


Skip to article content

Virgin Australia ගුවන් සේවය Boeing 737 Max 8 වර්ගයේ ගුවන් යනා සඳහා කර තිබූ ගුවන් යානා 30ක ඇණවුම 23ක් දක්වා අඩු කර තිබෙයි. එසේම මේ වසරෙහි අග භාගයේදී ලැබීමට නියමිතව තිබූ මෙම යානා ලබාගැනීම 2025 වසරේ පෙබරවාරී දක්වා කල් දමා ඇත. මගීන්ගේ ආරක්ෂාවට මුල්තැන දෙමින් මෙම තීරණය ගත් බව Virgin Australia ගුවන් සේවය සදහන් කළේය.

මේ හේතුවෙන් Boeing 737 Max 10s වර්ගයේ ගුවන් යනා සඳහා ඔවුන් කර තිබූ ඇණවුම ගුවන් යානා 10ක සිට 25ක් දක්වා වැඩි කර ඇති අතර එම යානා 2022 වසරේ ජනවාරි වන විට ලැබීමට නියමිත බව වාර්තා වේ.

Virgin Australia සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Paul Scurrah පැවසුවේ ගුවන් යනා වල ආරක්ෂාව පිළිබඳව සංතෘප්ත වන තුරු නව යානාවන් හඳුන්වා නොදෙන බව හා Boeing සමාගම විසින් යානා වල ඇති ආරක්ෂක අර්බුද විසදුනු ඇති යන්න ඔහු විශ්වාස කරනා බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now