SKIP TO MAIN CONTENT

ආර්ථික බංකොලොත්භාවය හමුවේ Virgin Australia ගුවන් සමාගම ස්වාධීන පරිපාලනයකට පැවරේ

Grounded Virgin Australia planes at Tullamarine Airport in Melbourne.
Virgin Australia planes at Tullamarine Airport in Melbourne. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

Virgin Australia ගුවන් සමාගම ස්වාධීන පරිපාලනයක් යටතට නතු කිරීමට තීරණය කර තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් Virgin Australia සමාගම පත්ව ඇති ආර්ථික අර්බුදය නිසා එහි පරිපාලනය සහ මෙහෙයුම් පිළිබඳ තීරණ ගැනීම උදෙසා මෙම තීරණය ගෙන ඇත.

ඊයේ (20/04) රාත්‍රියේ පැවති Virgin Australia සමාගමේ කොටස් කරුවන්ගේ මාණ්ඩලික රැස්වීමේදී මේ බව තීරණය කර ඇති බව වාර්තා වේ.

සුප්‍රසිද්ධ බහුජාතික විගණන සහ ගණකාධිකාරී සමාගමක් වන  Deloitte සමාගමට Virgin Australia සමාගමේ ස්වාධීන පරිපාලනය බාරදී ඇති බවට වාර්තා පළවේ.

පවතින අර්බුදය හමුවේ Virgin Australia සමාගමේ සේවකයින් 16,000 කගේ පමණ රැකියා, අවදානම් තත්ත්වයක ඇති බවත් සමාගම ඩොලර් බිලියන 5 ක පමණ විශාල ණය මුදලක සිරවී සිටින බවත් සඳහන්.

Virgin Australia ගුවන් සමාගම නැවත ගොඩගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉක්මන් පියවර ගත යුතු බව ප්‍රවාහන කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිතවරිය වන Catherine King පැවසුවාය.

ඔස්ට්‍රේලියානු ගුවන් ක්ෂේත්‍රයේ තරගකාරී බවක් දැකීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අවශ්‍ය නමුත් පවතින අර්බුදකාරී තත්ත්වය මත රජයේ මැදිහත් වීම තීරණය කෙරෙන බව මුල්‍ය අමාත්‍ය Mathias Cormman  පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now