Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ වීසා නිකුත්කිරීම පෞද්ගලීකරණය කිරීමේ රජයේ උත්සාහයට කණ කොකා හඬන ලකුණු (SBS සිංහල / වාර්තා)

s

Source: SBS

ඕස්ට්‍රේලියාවේ වීසා ලබා දීමේ ක්‍රියාවලිය පෞද්ගලික අංශයට භාර දීම සදහා වූ ඩොලර් බිලියන1ක සැලැස්ම නීතිමය වෙනස්කම් නොමැතිව 

ක්‍රියාත්මක කල නොහැකි තත්වයක් මතුව තිබේ. 

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සුදානම් වන්නේ වීසා ලබා දීම සදහා නව online ක්‍රමයක් හදුන්වා දීමටයි.

එය වසරකට මිලියන 9ක් පමණ වන වීසා අයදුම්පත් සැකසීම සදහා පහසු වනු ඇති බවට රජය පවසයි. නමුත් එවන් වැඩපිළිවෙලක විශ්වාසනීයත්වය පිලිබදව කම්කරු, ග්‍රීන්ස් පක්ෂය හා Centre Alliance විසින් ප්‍රශ්න කොට තිබේ 

කම්කරු පක්ෂයේ සංක්‍රමණික කටයුතු පිළිබද සහකාර ප්‍රකාශක Andrew Giles පවසන්නේ මෙම පෞගලීකරණය කිරීම නැවතිය යුතු බවයි. ජනයාගේ පෞද්ගලික තොරතුරු භාවිතය මීට හේතු වන බව ඔහු පවසයි. ඒ නිසා ඔහු පවසන්නේ මෙම සංශෝධනය කිරීමට නව නීති සංශෝධන අවශ්‍ය වනු ඇති බවයි.

රජය විසින් පසුගිය වසරේ මෙම නව Global Digital Platform නම් වැඩසටහන සදහා ටෙන්ඩර් නිකුත් කර තිබුනද එය නීති ගත කිරීමට අනෙක් පක්ෂ වල සහය අවශ්‍ය වනු බවට වාර්තා වේ.

මේ පිලිබදව නව නීති අවශ්‍යද යන කාරණය පිලිබදව ස්වාදේශ කටයුතු අමාත්‍ය Peter Dutton ගේ කාර්යාලය විසින් අදහස් පල නොකරන බවට පවසා ඇත. දෙපාර්තමේන්තුව පවසන්නේ මෙහිදී වීසා ලබා දීමේ තීරණ ගැනීම වෙනත් පාර්ශ්වයකට ලබා නොදෙන බවයි. එසේම මෙම ක්‍රමය මගින් යල් පැනගිය ක්‍රම වෙනු වට ඉක්මන් නව ක්‍රමයකට විශ්වසනීයත්වය රකිමින් වීසා ලබා දිය හැකි වනු බව ඔවුන් පවසයි . දැනට වීසා ලබා දීම සදහා පරිගණක පද්ධති 50ක් පමණ භාවිතා වන අතර එයින් 2ක් වසර 25ක් පැරණි වේ

වෙනත් පක්ෂ වල විරෝධතා

මේ සදහා දැනටමත් ආයතන 2ක් සිය යෝජනා ඉදිරිපත්  කොට ඇතත් , බොහෝ දෙනා පවසන්නේ මෙමගින් වීසා පද්ධතිය මානුෂීය නොවනු ඇති බවයි. නමුත් දෙපාර්තමේන්තුව විසින් මෙහිදී තීරන ගැනීම, ආරක්ෂාව හා එල්ල වන තර්ජන ආදිය පිලිබදව කටයුතු කරනු ඇති බවට පැවසේ.

නමුත් ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Nick McKim පවසන්නේ මෙය වීසා පද්ධතිය මුළුමනින්ම පෞද්ගලීකරණය කිරීමක් බව.එසේම ඔහු ප්‍රකාශ කරන්නේ මෙමගින් පරිගණක පද්ධති වලටම වීසා තීරණ ගැනීමක් සිදුවන නිසා එහි විශ්වසනායත්වය පලුදු වන බවයි. එක්සත් රාජධානියේ මෙසේ වීසා පද්ධති පෞද්ගලීකරණය වූ නිසා එමගින් වීසා සදහා අධික මිලක් ජනතාවට ගෙවීමට සිදු වූ බවත්, එවැනි තත්වයක් ඔස්ට්‍රේලියාවට උදා වනු ඇති බවත් සෙනට් සභික Mckim පවසයි.

මෙම ව්‍යාපෘතියට අනුව අවධානම අඩු වීසා පෞද්ගලික අංශය විසින් ලබා දෙන බව පැවසේ. නමුත් Centre Alliance හි සෙනට් සභික Stirling Griff පවසන්නේ රටට නිවැරදී පුද්ගලයන් ඇතුල් වීම යාමනය රජයේ වගකීමක් බැවින් එය රජය යටතේ තබා ගත යුතු බවයි.

සෙනට් සභාවේ Centre Alliance වෙත චන්ද 2ක් හිමි නිසා ඔවුන්ගේ සහයද රජයට අවශ්‍ය වනු ඇත. මේ නව යෝජනාව වඩා හොඳින් විශ්ලේෂණය කල යුතු බව එම පක්ෂය පවසයි.

රජය දැනටමත් මේ සදහා ඩොලර් මිලියන 80ක් වැය කර ඇති අතර, ඩොලර් බිලියන 1ක ටෙන්ඩර් දැමීම අමාත්‍ය Dutton යටතේ පවතී. නමුත් කම්කරු පක්ෂය පවසන්නේ ඔස්ට්‍රේලියාව වැනි බහු සංස්කෘතික රටකට මෙම ක්‍රමය නොගැලපෙන බැවින් එයින් ඉවත්වීම වැදගත් බවයි.

Source: SBS News


3 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now