SKIP TO MAIN CONTENT

Vladimir Putin සිව්වන වරටත් රුසියාවේ ජනපති වෙයි.

Putin has been re-elected as Russian president
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පසුගිය සති අන්තයේදී රුසියාවේ පැවති ජනාධිපතිවරණයේ මේ වන විට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව රුසියාවේ හිටපු ජනාධිපති Vladimir Putin සිව්වන වරටත් රුසියානු ජනාධිපති ලෙස තේරී පත්වී ඇති බව වාර්තා වේ.

මේ වන විටත් 50% ක ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්ව ඇති අතර ප්‍රකාශිත ප්‍රතිඵල වලින් 75%ක්ම Vladimir Putin හට ලැබුණු ඡන්ද බවද මේ වන විට අනාවරණය වී තිබේ.

හැට පස්වන වියේ පසුවන Vladimir Putin 2000 වසරේ සිට මේ දක්වා රුසියාවේ ජනාධිපතිවරයා  ලෙස හෝ අග්‍රාමාත්‍යවරයා ලෙස හෝ දශක දෙකකට ආසන්න කාලයක් කටයුතු කරයි.

මේ අතර රුසියානු ජනාධිපතිවරණය හා සම්බන්ධ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 1,700කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ බව සඳහන්.

වාර්තා  වූ සියලු පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව රුසියානු මැතිවරණ කොමිසමේ ප්‍රධානී  Ella Pamfilova පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now