SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු ප්‍රාන්තය තුළ අනායාස මරණය නීතිගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත සෙනට් සභාවේදී සම්මත වෙයි.

Euthanasia
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්තය තුළ ආන්දෝලනයට තුඩු දුන් Euthanasia හෙවත් අනායාස මරණය නීතිගත කිරීම සඳහා වූ යෝජිත පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද වික්ටෝරියානු සෙනට් සභාවේදී වැඩි ඡන්ද 4 කින් සම්මත විය.

ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 22 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 18 ක් ලැබුණි.

පැය 24 ක උණුසුම් විවාදයකින් පසුව මෙලෙස මෙම යෝජිත පනත සෙනට් සභාවේදී සම්මතවූ බව වාර්තා වේ.

මෙහි ,මුල් යෝජනාවට අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ සුව නොවන රෝග වැළදුණු, මාස 12 කට අඩු කාලයක් ජීවත්වීමට ඉඩ ඇති පුද්ගලයන්ට ස්වේච්චාවෙන් මරණය සදහා සහය දීම අනුමත කිරීම මෙම පනතෙන් බලාත්මක කෙරේ.

නමුත් එම මාස 12 ක කාලය මාස 6 දක්වා අඩු කිරීමේ සංශෝධනයක් සෙනට් සභාවට ගෙන ආ අතර ඒ සඳහා අනුමැතිය ලැබුණු බව වාර්තා වේ.

නමුත් චාලක නියුරෝන රෝගයෙන් සහ පඨක ඝන වීමේ රෝග වලින් පෙළෙන රෝගීන් හට එම කාලය මාස 12ක් දකවා දීර්ඝ කෙරේ.

Euthanasia හෙවත් අනායාස මරණය නීතිගත කිරීම සඳහා වූ මෙම යෝජනාව පසුගිය ඔක්තෝබර් 18 වන දින වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේදී වැඩි ඡන්ද 8 කින් සම්මත විය.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now