“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..”සම්පුර්ණ ප්‍රතිපල තවම නිකුත් වී නැහැ ..මීළඟට සිදු විය හැක්කේ කුමක්ද?

අද ජුලි 3 වැනිදා අලුයම 2ට මැතිවරණයේ චන්ද ගණන් කිරීම නවතන විට ලැබී තිබුණු ප්‍රතිපල තුලින් හෙළි වන්නේ කරට කර තරඟයක් හෙයින් තවමත් ඉදිරි වසර 2 තුල ඕස්ට්‍රේලියානු පාලනය කවුරුන් ලබා ගනීවිදැයි ජනතාවට බලා සිටීමට සිදුව තිබෙනවා.

Ballot box

Source: AAP

අද ජුලි 3 වැනිදා අලුයම 2ට මැතිවරණයේ චන්ද ගණන් කිරීම නවතන විට ලැබී තිබුණු ප්‍රතිපල තුලින් හෙළි වන්නේ කරට කර තරඟයක් හෙයින් තවමත් ඉදිරි වසර 2 තුල ඕස්ට්‍රේලියානු පාලනය කවුරුන් ලබා ගනීවිදැයි ජනතාවට බලා සිටීමට සිදුව තිබෙනවා. තවමත් ඉතිරි වී ඇති තීරණාත්මක චන්ද කොට්ටාශ කිහිපයක චන්ද ගණන් කිරීම අඟහරුවාදා නැවත ආරම්භ වන තුරු ප්‍රතිපලයක් බලාපොරොත්තු විය නොහැකියි.

ඕස්ට්‍රේලියානු මැතිවරන කොමිසම පවසන්නේ නැවත චන්ද ගණන් කිරීම ආරම්භ වන තුරු ඉරිදා සහ සඳුදා දිනවල තැපැල් චන්ද හා චන්දය දිනයේ පමිනිමීට නොහැකි වූ අයගේ චන්ද රැස්‌ කොට එම චන්ද අදාළ ගනන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙනයාම සිදු කරන බවයි. මෙය Declaration vote exchange යනුවෙන් හැඳින්වේ. එසේ එම චන්ද පත්‍රිකා අදාළ මධ්‍යස්ථාන වෙත හුවමාරු වෙන තෙක් චන්දය ගනන් කිරීම ආරම්භ නොවේ. දැනටමත් මැතිවරණ කොමිසමේ සේවකයන් එම චන්ද හුවමාරු කිරීමට වර්ගීකරණය කරමින් සිටින අතර මැතිවරණය දිනයේ රාත්‍රියේ එදින ප්‍රකාශිත චන්ද හා කලින් චන්දය ප්‍රකාශය කිරීමේ මධ්‍යස්ථාන වලදී ප්‍රකාශිත චන්ද මිලියන 11ක් පමණ ගණන් කිරීම සිදු කර ඇති බවද සඳහන්.

සෙනට් සභිකයන් සඳහා පළමු මනාප චන්ද ද ගණන් කිරීම සිදු කොට තිබේ. ඉරිදා (ජුලි 3) උදේ 11 වන විට කම්කරු පක්ෂය ආසන 69ක් ද තවත් ආසන 3ක් අත්  කර ගැනීමේ හැකියාව ඇති බවට වාර්තා වන බැවින් ඔවුන්ට ආසන 72ක් හිමි විය හැකියි. ලිබරල් ජාතික සන්ධානය ආසන 64ක් අත්  කර ගෙන හා තවත් ආසන 2ක් ලබා ගත හැකි ලෙසට අනුමාන කර තිබේ. මේ අනුව කිසිදු පක්ෂයකට තනිවම ආසන 76ක් ලබා රජයක් පිහිටුවීමට නොහැකි වන අතර, කුඩා පක්ෂ නියෝජිතයන් ගේ සහය ලබා ගෙන රජයක් පිහිටුවීමට සිදු වන Hung Parliament තත්වයක් ඇති වනු ඇති.

මැතිවරණ කොමිසමේ ප්‍රකාශක Phil Diak පවසන්නේ සියලුම පහළ මන්ත්‍රණ සභාව හා සෙනට් චන්ද ගණන් කිරීම සම්පුර්ණ වීමට මසක් පමණ ගත විය හැකි බවයි. ඔනෑම ආසනයක නායකයා පසු කොට යාමට සන්ක්යාත්මක   වශයෙන් අසීරු වන තෙක් එම ආසනයේ ජයග්‍රහනය කොමිසම විසින් ප්‍රකාශයට පත් නොකර බවද ඔහු පවසනවා. ඒ අනුව එය ආසනයක ජයග්‍රහණය ප්‍රකාශ කිරීමට පසුව සිදු විය හැකි බවත් ඔහු පවසනවා.

 

 

 


2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now