SKIP TO MAIN CONTENT

!!..ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය 2016..!!සාධාරණ හේතුවක් ඇත්නම් ඔබටත් මැතිවරණයට පෙර චන්දය ප්‍රකාශ කල හැකියි...

London polling
Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Skip to article content

මේ වන විට ඕස්ට්‍රේලියානු මැතිවරණයට පෙර කලින් චන්ද ප්‍රකාශ කිරීම ආරම්භ වී තිබෙනවා. ඕස්ට්‍රේලියානුවන්ට චන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වුවත් සියලු දෙනාම ජුලි 2 වැනිදාම චන්දය ප්‍රකාශ කල යුතු නැහැ. වාර්තා වන අන්දමට මෙවර වාර්තාගත චන්ද දායකයින් පිරිසක් කලින් චන්දය ප්‍රකාශ කරනවා. එය වසර 2013 අගය වූ 27%ට වඩා වැඩි අගයක්.

Early Voting මධ්‍යස්තානයකට ගොස් හෝ තැපැල් චන්ද ලෙසින් මෙසේ චන්දය ප්‍රකාශ කල හැකියි.

මැතිවරණ කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක Phil Diak ප්‍රකාශ කරන්නේ එසේ කලින් චන්දය ප්‍රකාශ කිරීමට සාධාරණ හේතුවක් ඇති බවයි.විශේෂයෙන්ම මෙවර එසේ කලින් චන්දය ප්‍රකාශ කරන පුද්ගලයින්ට එසේ කලින් චන්දය ප්‍රකාශ කිරීමට හේතුව කොමිසම විසින් විමසන බවයි. එය විශේෂයෙන් පහසුව සඳහා නොව එදිනට තම චන්ද කොට්ටාශයේ නොසිටින පුද්ගලයින්ට සකස් කර ඇති බවයි.

 

රැකියා සඳහා ගොස් සිටින, අසාද්‍ය රෝගීන්, සිර ගත වූ පුද්ගලයින් හා ආගමික හේතු නිසා මධ්‍යස්තානයකට යා නොහැකි පුද්ගලයින්ට මෙම අවස්තාව තිබෙනවා. ජුලි 2 වැනිදා දකුණු ඔස්ට්‍රේලියාව හැර අනෙක් සියලු ප්‍රාන්ත වල පාසල් නිවාඩුවට අයත්. ඒ නිසාම කලින් චන්දය ප්‍රකාශ කිරීම වැඩි විය හැකි බවයි සිඩ්නි විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශයේ ආචාර්ය Peter Chen පවසන්නේ. විශේෂයෙන්ම පසුගිය වසර වල එසේ කලින් චන්දය ප්‍රකාශ කිරීම වැඩි වූ නිසාත්, පාසල් නිවාඩුව නිසා බොහෝ දෙනා නිවෙස් වලින් බැහැර වීම නිසාත් මෙවර 30%ක් පමණ කලින් චන්දය ප්‍රකාශ කිරීම සිදු වනු ඇති බවට ඔහු පවසනවා.

එසේම ඔහු පවසන්නේ දේශපාලඥයන් කලින් චන්දය ප්‍රකාශ කිරීම නිසා සිය ප්‍රචාරක කටයුතුද වෙනස් කරන බවයි. මැතිවරණයට පෙර චන්ද ස්ථිර කර ගැනීමට එයට උන්නදු කිරීමට අපේක්ෂකයන් පෙලබෙන බවද ඔහු පවසනවා.

මැතිවරණ ක්‍රමය මේ නිසා යම් වෙනසකට ලක් වෙනවා. පක්ෂ වලට පෙර සේ ප්‍රචාරණ කටයුතු කිරීමට බැහැ. ඒ නිසා ඔවුන්ට වෙනස් කම් සිදු කිරීමට වෙනවා. සමහර විට මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට ඉතා අඩු චන්ද ප්‍රතිශතයක් අවශ්‍ය නිසා, මෙවන් කලින් භාවිතා කරන චන්ද නිසා මැතිවරනයට පෙර සිටම ජයග්‍රහණය තීරනය විය හැකි බවත් ඔහු පවසනවා.

විදේශ ගත ඕස්ට්‍රේලියානුවන්ට ලබන සතියේ සිට විදේශයන්හිද චන්දය ප්‍රකාශ කල හැකියි. චන්දය ප්‍රකාශ කිරීම පිලිබඳ තොරතුරු භාෂා 27කින් සකස් කොට තිබේ. ලන්ඩනයේ වෙසෙන Kristenට එදිනට ඔස්ට්‍රේලියාවට පැමිණිය නොහැකි නිසා, ලන්ඩනයේ ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේදී චන්දය ප්‍රකාශ කරන බවට පවසනවා.ඇය පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස චන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අනුව විවිද හේතු නිසා එදිනට චන්දය ප්‍රකාශ කල නොහැකි පුද්ගලයින්ට කලින් චන්දය ප්‍රකාශ කිරීමට අවස්තාව ලබා දීම ඉතා වැදගත් බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now