SKIP TO MAIN CONTENT

SBS ජාතික භාෂා තරගාවලියේ අවසන් වටයට ශ්‍රී ලංකික පුතෙකුත් : අද (09/09) සවස 5.30ට පෙර ඡන්දය දුන්නොත් ඔබටත් තෑගි. (SBS සිංහල/වාර්තා)

මෙම අවසන් වටයේ 24 දෙනා අතර කනිෂ්ට අංශය යටතේ තේරී පත්වූ ශ්‍රී ලංකික ඔනෙත් සුගතදාස පුතුට ඔබේ ඡන්දය ලබා දීමට ඔබට හැකියාව ඇති අතර ඒ සඳහා ඔස්ට්‍රේලියානු සම්මත නැගෙනහිර වේලාවෙන් අද (09/09) සවස 5.30 වන තෙක් ඉඩකඩ තිබේ. ඡන්දය සපයන අය අතුරින් ජයග්‍රාහකයකු තෝරා වටිනා ත්‍යාගයක් ලෙස නව iPad Air 2 පිරි නැමීමටද අපේක්ෂිතය.

Oneth Sugathadasa from Junior Primary Category
Oneth Sugathadasa from Junior Primary Category in Final 24 Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

SBS ගුවන් විදුලිය පැවැත්වූ ජාතික භාෂා තරගාවලිය මේ වන විට නිමා කර තිබෙන අතර අවසන් වටය සඳහා ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්ත වලින් ජයග්‍රාහකයන් 24 දෙනෙකු තෝරාගෙන තිබේ. එම අවසන් වටයේ ජයග්‍රාහකයන් 24 දෙනා අතරට  කනිෂ්ට අංශය යටතේ ශ්‍රී ලංකික දරුවකු වන ඔනෙත් සුගතදාසද ඇතුලත් බව SBS සිංහල වැඩසටහන සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු.

මෙම අවසන් වටයේ 24 දෙනා අතර කනිෂ්ට අංශය යටතේ තේරී පත්වූ ශ්‍රී ලංකික ඔනෙත් සුගතදාස පුතුට ඔබේ ඡන්දය ලබා දීමට ඔබට හැකියාව ඇති අතර ඒ සඳහා ඔස්ට්‍රේලියානු සම්මත නැගෙනහිර වේලාවෙන් අද  (09/09) සවස 5.30 වන තෙක් ඉඩකඩ තිබේ. ඡන්දය සපයන අය අතුරින් ජයග්‍රාහකයකු තෝරා වටිනා ත්‍යාගයක් ලෙස නව iPad Air 2 පිරි නැමීමටද අපේක්ෂිතය.

Oneth Sugathadasa's Painting
Oneth Sugathadasa's Painting Source: SBS

මෙහිදී ඡන්දය භාවිත කළ හැක්කේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිචිය හිමි අයට පමණක වන අතර ඔවුන් වයස අවුරුදු 14ට වඩා අඩු විය යුතු වෙයි. ඡන්දය එක් පුද්ගලයකුට එක් වතාවක් පමණක් භාවිත කළ හැකි බවද සඳහන්.

ශ්‍රී ලංකික පුංචි පුතා දිනවන්න ඔබගේ චන්දය ප්‍රකාශකළ හැකි අයුරු....

http://www.sbs.com.au/radio/nlc-peoples-choice වෙබ් ලිපිනයට ගොස් ඔස්ට්‍රේලියානු සම්මත නැගෙනහිර වේලාවෙන් අද  (09/09) සවස 5.30ට පෙර ඔබේ ඡන්දය පළ කිරීමට ඔබට අවස්ථාව තිබේ.

අවසන් 24 දෙනාගෙන් ජයගන්නා ජයග්‍රාහකයන් 6 දෙනා ඔක්තෝබර් 8 වෙනි දින සිඩ්නි නුවර පැවැත්වෙන SBS ජාතික භාෂා තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගිවීමට අවස්තාව ලැබෙනු ඇත.

 

අවසන් 24 දෙනා තේරීමට අමතරව කුසලතා සහතික පත්‍ර හිමි 72 දෙදෙනෙකුත් වෙයි. ඒ අතරට ඇඩිලේඩ් නුවරින් කනිෂ්ට අංශය යටතේ යෙනුලි පෙරේරා සහ ජේෂ්ඨ අංශය යටතේ මිනාරා අබේකෝන් යන දියණියන්ද තේරී පත්විය.

කනිෂ්ට අංශය යටතේ අවසන්  72 අතරට තේරී පත්වූ යෙනුලි පෙරේරාගේ චිත්‍රය සහ ජේෂ්ඨ අංශය අවසන් 72 අතරට තේරී පත්වූ මිනාරා අබේකෝන්ගේ "සිංහල භාෂාව ඉගෙනීමෙන් අත්වන වාසි" පිළිබඳ රචිත රචනාවද පහතින් දැක්වෙයි.

Yenuli's Painting
Yenuli's Painting Source: SBS
Minara's Esay
Minara's Esay Source: SBS
Minara's Essay
Minara's Essay Source: SBS
Minara's Essay
Minara's Essay Source: SBS
Minara's Essay - English Translation
Minara's Essay - English Translation Source: SBS


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now