1.සියලු වයස අවුරුදු 18 ට හෝ ඊට වැඩි ඕස්ට්‍රේලියානුවන් මැයි 23 වෙනිදා රාත්‍රී 8 ට පෙර ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ ලියාපදිංචි විය යුතුය
ඉන් පසු මැතිවරණය දිනයේ චන්ද මධ්‍යස්තානයකට පැමිණිය යුතුයි

2.ලියාපදිංචි වීමෙන් පසුව මැතිවරණය දිනයේ ඡනදය ප්‍රකාශ කිරීමට අසමත් වුව හොත් ඔබට දඩ ගෙවීමට සිදුවේ
ඔබ ලියාපදිංචි වීමෙන් පසුව ඔබේ නම හෝ ලිපිනය වෙනස් වුව හොත් ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමට ඒ පිළිබඳව දැනුවත් කල යුතුයි

3.විවිද පක්ෂ ඔබ ඡනදය ප්‍රකාශ කල යුතු ආකාරය පිලිබඳ උපදෙස් පත්‍රිකා ලබා දෙවි
ඔබ ඡනදය ප්‍රකාශ කල යුත්තේ ඔබට කැමති අපේක්ෂකයාට නිසා මෙම චන්ද මධ්‍යස්ථාන අසලදී ලබා දෙන විවිද තොරතුරු මගින් නොමග යන්න එපා

4.අපේක්ෂකයන් මනාප ක්‍රමය අනුව තොර පත් කර ගනු ලැබේ
ඔබට චන්ද පත්‍රිකා 2ක් ලැබේ. කොළ පති පත්‍රිකාව පහල මන්ත්‍රණ සභාව සඳහා ඔබේ ප්‍රදේශයේ නියෝජිතයා තොර ගැනීමටයි. සුදු පැහැ පත්‍රිකාව මගින් ඔබේ ප්‍රාන්තයේ හෝ Territory හි සෙනට් සභිකයන් තොරා ගැනෙනවා. එහි ඉහල පේලියේ කොටු (Above the line) මගින් ඔබේ මනාප පක්ෂ අනුපිලිවෙලත්, පහල පේලියේ කොටු (Below the line) මගින් මනාපය හිමි සෙනට් අපේක්ෂකයන් සදහා ද වෙන් වෙනවා.

5.විදේශ හා තැපැල් ඡන්ද
ඔබ විදේශගත නම් පිරවූ චන්ද පත්‍රිකා ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමට මැතිවරණ දිනයට පෙර හෝ එම දිනයේදී තැපැල් කල යුතුයි

ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ ලියාපදිංචි විය යුතු ආකාරය පිලිබඳ තොරතුරු පහත වෙබ් අඩවියෙන් හෝ දුරකථන අංකයෙන් ලබා ගත හැකියි
http://www.aec.gov.au හෝ 13 23 26
ඡනදය ප්රකාශ කිරීම පිලිබඳ වැඩි තොරතුරු පහත වෙබ් අඩවියෙන් ඔබේ භාෂාවෙන් ලබා ගන්න
ඡනදය ප්රකාශ කිරීම පිලිබඳ වැඩි තොරතුරු පහත වෙබ් අඩවියෙන් ද ලබා ගත හැකියි

