ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා වන ජනතා ඡන්ද විමසීම අද (සැප් 21) ශ්‍රී ලංකා වේලාවෙන් වේලාවෙන් උදෑසන 7 සිට පස්වරු 4 දක්වා සිදු කෙරේ.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් එක් කෝටි හැත්තෑ එක්ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරක් (171,40,354) ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා තිබේ. මේ වෙනුවෙන් වන චන්ද මධ්‍යස්ථාන 13,421 ක් පිහිටුවා ඇති අතර ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් එක් ලක්ෂ 50,000 කට අධික පිරිසක් යොදවා ඇත.
චන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,713කදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4:15 සිට ඡන්ද ගණන් කිරීම් ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
සාධාරණ හා විශ්වසනීය මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සියලු විධිවිධාන මේ වන විට ගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.
වැඩිම චන්ද දායකයින් සංඛ්‍යාවක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර ඉන්පසු පිලිවෙලින් වැඩිම වැඩිම චන්ද දායකයින් සිටින දිස්ත්‍රික්ක පිළිබඳව දැනගන්න පහත ඡායාරූපයෙන්....

අපේක්ෂකයින් ...
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 38 දෙනකු තරග වදී. පිළිගත් දේශපාලන පක්ෂ 22ක් නියෝජනය කරන අපේක්ෂකයින් සහ ස්වාධීන අපේක්ෂකයන් 16 දෙනෙකු ඒ අතර වේ. ස්වාධීන අපේක්‍ෂකයෙකු වූ මොහොමඩ් ඉල්යාස් මහතා අගෝස්තු 22 වන දා හදිසියේම අභාවප්‍රාප්ත වීම හේතුවෙන් මුලින් 39 ක් ව තිබු අපේක්ෂක සංඛ්‍යාව 38 දක්වා පහත බැසීය.
මැතිවරණ නීති උල්ලංඝන වීමේ සිදුවීම්...
ජනාධිපතිවරණයට අදාළව ජූලි 31 වැනිදා සිට ඊයේ (සැප් 20) පෙරවරුව දක්වා "මැතිවරණ කොමිසම" වෙත මැතිවරණ නීති කඩකිරීම් හා සම්බන්ද පැමිණිලි 269ක් වාර්තා වූ බව මැතිවරණ කොමිසම පවසයි.
එසේම, ජූලි මස 31 සිට සැප්තැම්බර් 20 දක්වා දක්වා වන කාලසීමාව තුලදී "ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට" මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 5214ක් ලැබී තිබේ. ඉන් පැමිණිලි 4620ක් විසඳා ඇති අතර පැමිණිලි 534ක් සම්බන්ධයෙන් ක්‍රියාකරමින් පවතින බවද වාර්තා වේ.
*********************************************************************************
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
· ගුවන් විදුලියෙන්
93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
· රූපවාහිනියේ channel 305 (SBS South Asian)
· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
· SBS Audio APP (Free)
පිවිසෙන්න SBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය

