Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ප්‍රාදේශීය වික්ටෝරියාවේ සංචාරය සදහා ඩොලර් 200ක වවුචර ලබා දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සැරසෙයි (SBS සිංහල / වාර්තා )

කොරෝනා lockdown හේතුවෙන් ආර්තිකව පසු බැස ඇති ප්‍රදේශ නගා සිටුවීමට එම පෙදෙස් වලට සංචාරය සදහා ඩොලර් 200ක වවුචර ලබා දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය කටයුතු යොදා තිබේ.

Regional Victoria

Regional Victoria Source: SBS Sinhala

මෙම වැඩපිළිවෙල සදහා ඩොලර් මිලයන 465ක් ප්‍රාන්ත රජය යොදවන බවට වික්ටෝරියානු අගමැති Daniel Andrews පවසා තිබේ. 

වික්ටෝරියා ප්රාන්තයේ වැසියන් ප්රාදෙශීය පෙදෙස් වල සංචාරය සදහා ඩොලර් 400ක නවාතැන් හෝ ප්‍රවාහනය සදහා වියදම් කොට ඇත්නම් ඔවුන්ට මෙම ඩොලර් 200ක වවුචර සදහා අයදුම් කල හැකි වේ. 

දෙසැම්බර් මස සිට මෙම වවුචර 120,000ක් පමණ ලබා දෙනු ඇත. .Andrews මහතා පවසා ඇත්තේ ඉතා සරල ක්‍රමයකට ඔබට යන වියදම ඉදිරිපත් කල විට මෙම ඩොලර් 200 වවුචරය ලබා ගත හැකි වනු ඇති බව

Victorian Premier Daniel Andrews addresses the media during a press conference at the Doherty Institute in Melbourne, Friday, November 13, 2020
Victorian Premier Daniel Andrews addresses the media during a press conference at the Doherty Institute in Melbourne, Friday, November 13, 2020 Source: AAP

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමේ ක්‍රමය 

ප්‍රාදේශීය වික්ටෝරියානු වැසියන්ටද මෙය ලබා ගත හැකි වනු ඇති බවට  ප්‍රාන්තයේ සංචාරක අමාත්‍ය Martin Pakula පවසයි . නමුත් තවමත් මෙය ක්‍රියාත්මක වන ආකාරය පිළිබද තොරතුරු ලබා දී නොමැත. එය මුලින්ම ලබා දෙනවාද නැත්නම් වියදම් පියවීමක් ලෙස ලබා දේ දැයි ඉදිරියේදී ප්‍රකාශයට පත් වීමට නියමිතයි

 මේ වන විට ටස්මෙනියාවේ හා දකුණු ඔස්ට්‍රේලියාවෙ ද මෙවන් ක්‍රමයක් ඇති අතර එම වවුචරය ලබා ගෙන එම වියදම සිදු කල බවට තහවුරු කල විට එම මුදල නැවත ලබා ගැනීමට එහිදී අවස්තාව ලැබේ.

එසේම වික්ටෝරියානු රජය ඔවුන්ගේ අය වැයෙන් ඩොලර් මිලියන 149ක් ප්‍රාදේශීය පෙදෙස් වල සංචාරක කර්මාන්තය වෙනුවෙන් වෙන් කොට තිබේ . මෙයින් වැඩි කොටසක් great ocean road සංවර්ධය සදහා වේ. Great Ocean Road හි නව ඇවිදීමේ මාර්ග හා පාලම ද ගොඩනැගීමට බලාපොරොත්තු වන අතර  Fairhaven සිට Skenes Creek දක්වා දර්ශන නැරබීමට මෙයින් අවස්තාව හිමිවේ.

එසේම camping ස්ථාන ගොඩ නැගීම සදහා තවත් මිලියන 2ක් වෙන් කොට ඇත 

ලැව් ගිනි මගින් හානි වූ පෙදෙස් වල සංචාරක කර්මාන්තය ගොඩ නැගීම 

Gippsland ප්‍රදේශයේ Gippsland Tourism Recovery Package තුලින් ඩොලර් මිලියන 18.5ක් ලැබෙනු ඇති අතර Cape Conran Coastal Park වෙනුවෙන් මිලියන 3.5ක් ලබා දේ . ඒ අනුව මෙල්බන් සිට සිඩ්නි දක්වා වූ වෙරළාශ්‍රිත මාර්ගයේ සංචාරකයන්ට ගිමන් හරින ස්ථානයක් ලෙස එය දියුණු කිරීමට අවස්තාව ලැබේ. 

Metung Hot Springs හා Nunduk Spa and Eco-Resort සදහාද මිලියන 2.5ක් ලබා දීමට නියමිතයි. එසේම ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන භුමියේ ඇති විශාලතම ප්‍රදීපාගාරය වන Point Hicks හි ප්‍රදීපාගාරය අලුත්වැඩියාවටද ඩොලර් මිලියන 3.8ක් වෙන් කොට තිබේ .

එසේම Croajingolong National Park.ඔස්සේ Mallacoota පෙදෙසට පැමිණෙන සංචාරකයින්ට නැවතීමේ මාර්ගයක්ද තැනෙනු ඇති . එසේම koala trail එකක් සදහා Raymond Island වෙතද ඩොලර් 350,000ක් යෙදවේ

එසේම Mallee Silo Art Trail, the Ballarat Centre for Photography, the Murray River Adventure Trail,  Brambuk Cultural Centre , Halls Gap යන ප්‍රදේශ සදහාද ප්‍රතිපාදන යොදවා තිබේ .

එසේම Wilsons Promontory සදහාද ඩොලර් මිලියන 23ක අලුත්වැඩියාවක් ලැබේ . එසේම Prom හි සතුන්ගෙන් ආරක්ෂාවට ඩොලර් මිලියන 6ක ආරක්‍ෂිත වැටක්ද ගොඩනැගෙ.

Prosecco Road winery district සදහාද ඩොලර් මිලියන 4.3ක් යොදවනු ඇති. එස්ම Mount Hotham හා Falls Creek අතර hiking trail සදහාද ඩොලර් මිලියන 15ක් වෙන් කොට තිබේ. මෙමගින් රැකියා අවස්ථා හා ආර්ථිකය ගොඩ නැගීම බලාපොරොත්තු වන බවට සංචාරක අමාත්‍ය Martin Pakula පවසයි.

Source: ABC


3 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now