2017 බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණය නිමාවට පත්වෙයි. කම්කරු පක්ෂයට විශිෂ්ඨ ජයක්. - SBS සිංහල

WA election: Labor sweeps to power

Source: SBS

ඊයේ (11/03) පැවති බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් අත් කරගැනීමට මේ වන විට කම්කරු පක්ෂය සමත් වී තිබේ.

ඒ අනුව වසර අටහමාරක ලිබරල් පාලන සමය නිමා කරමින් බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය සඳහා කම්කරු රජයක් පත් වී තිබේ.

ප්‍රාන්ත මැතිවරණයට පෙර ලිබරල් සහ කම්කරු පක්ෂ දෙකම කරට කර සිටි නමුත් මැතිවරණයට ආසන්න වන විට වැඩි වාසි කම්කරු පක්ෂයට හිමි බව නොයෙකුත් සමීක්ෂණ වල ප්‍රතිඵල වලින් හෙළිවිය.

මෙවර බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණයෙන් මේ වන විට ආසන 52 ක ප්‍රතිඵල නිකුත් කර ඇති අතර තවත් ආසන 7 ක ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටියි.

මේ වන විට ප්‍රකාශිත ආසන අතරින් කම්කරු පක්ෂය මැතිවරණ ආසන 36 ක්ද ලිබරල් පක්ෂය ආසන 11 ක්ද නැෂනල්ස් පක්ෂය ආසන 5 ක්ද හිමි කරගෙන සිටියි.

ඒ අනුව මෙතෙක් කලක් බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ අගමැතිව කටයුතු කළ ලිබරල් පක්ෂයේ Colin Barnett, එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති අතර නව ප්‍රාන්ත අගමැතිවරයා ලෙස බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ කම්කරු පක්ෂ නායක Mark McGowan දිවුරුම් දීමට නියමිතය.

මෙම මැතිවරණය සඳහා තරග වැදුණු One Nation පක්ෂයට මෙතෙක් කිසිදු ආසනයක් ජයග්‍රහණය කිරීමට නොහැකි වීමද කැපී පෙනෙන සිදු වීමකි.


Share

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now