SKIP TO MAIN CONTENT

We are missing them: බටහිර ඕස්ට්‍රේලියාවේ වැසියෝ තම ප්‍රාන්ත දේශසීමා විවෘත කරන ලෙසට ඉල්ලති

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත රජය තම ප්‍රාන්ත දේශ සීමා තවදුරටත් වසාගෙන සිටීම සම්බන්දව ප්‍රාන්තයේ සංක්‍රමණික ප්‍රජාවගේ අදහස් ඉහත වීඩියෝවෙන් නරඹන්න....

WA residents plead for open borders to reunite families

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya, SBS News

Source: SBS



Skip to article content

ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත රාජ්‍යයන් ජාත්‍යන්තර සංචරණ සඳහා තම ප්‍රාන්තයේ දේශසීමා විවෘත කොට තිබේ. ඒ නිසා බොහෝ සංක්‍රමණිකයන්ගේ දෙමාපියන් හට ඉක්මනින්ම ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවකාශ සැලසී තිබේ. නමුත් බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වැසියන් පවසන්නේ තම ප්‍රාන්ත රජය තවමත් ප්‍රාන්ත දේශ සීමා වසා තබාගනිමින් දැඩි ප්‍රාන්ත දේශසීමා නීති ක්‍රියාත්මක කිරීම හේතුවෙන් තම පවුලේ සාමාජිකයින් සමඟ කාලය ගත කිරීමට ඇති අවස්ථාව අවහිර කොට ඇති බවයි.

මිට පෙර ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අගමැති ස්කොට් මොරිසන් පවසා සිටියේ එක් එක් ප්‍රාන්ත රාජ්‍යයන් තම ප්‍රාන්තය තුල කොවිඩ් එන්නත් ද්විත්ව මාත්‍රා ඉලක්කය 80% සම්පුර්ණ කල පසු එම ප්‍රාන්ත වල රජයයන් හට තම දේශ සීමා, අන්තර්ජාතික සංචරණ සඳහා විවෘත කිරීමේ අයිතිය ලබාදෙන බවයි.

මේ අනුව බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ අගමැති Mark McGowan පවසා සිටියේ තම ප්‍රාන්තයේ අවශ්‍ය එන්නත්කරන ඉලක්කය තවමත් සපුරා නොමැති හෙයින් ප්‍රාන්ත දේශ සීමා විවෘත කල නොහැකි බවයි.

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතරින් අවම කොවිඩ් ආසාදන සහ අවම lockdown කිරීමේ අවස්ථා වාර්තා වනුයේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙනි

(මේ සම්බන්ද බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ සංක්‍රමණික ප්‍රජාවගේ අදහස් ඉහත වීඩියෝවෙන් නරඹන්න)


 

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

  • SBS සිංහල Facebook පිටුවට

www.facebook.com/sbssinhala

  • SBS සිංහල වෙබ් අඩවියෙන්

www.sbs.com.au/sinhala 

  • SBS Radio APP එකෙන් (Free from APP Store/ Google Play)

 


 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now