SKIP TO MAIN CONTENT

කොරෝනා නිසා මෙවර කාන්තා Big Bash ක්‍රිකට් තරගාවලිය සම්පූර්ණයෙන්ම සිඩ්නි නුවර පැවැත්වීමට තීරණය කෙරේ

Brisbane Heat
Brisbane Heat will defend their WBBL title when the 2019-20 season begins in October. (AAP) Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

2020 කාන්තා Big Bash 20-20 ක්‍රිකට් තරගාවලිය සම්පූර්ණයෙන්ම සිඩ්නි නුවර පැවැත්වීමට සංවිධාකයෝ තීරණය කරති.

කොරෝනා වසංගතය මධ්‍යයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සීමා මේ වන විට වසා දමා තිබීම මීට ප්‍රධානතම හේතුව වී තිබේ.

හයවන වරට මෙවර පැවැත්වෙන කාන්තා Big Bash 20-20 ක්‍රිකට් තරගාවලිය තරග 59 කින් සමන්විතය.

කොරෝනා වයිරසයේ අභියෝග මධ්‍යයේ මෙම තරගාවලිය එළඹෙන ඔක්තෝබර් 25 වන දින ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව මෙවර කාන්තා Big Bash 20-20 ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන, මාධ්‍ය අයිතිය සහ කොරෝනා වසංගතය සමග ක්‍රීඩා කිරීමේ වැඩපිළිවෙල පිළිබඳ ඉදිරියේදී දැනුම් දෙන බව එහි සංවිධායකයෝ පවසති.

විදේශීය ක්‍රීඩිකාවන්ට ද මෙම තරගාවලියට සහභාගී වීමට අවස්ථාව ලබා දීමට වැඩපිළිවෙල සකස් කරමින් පසුවන බව Big Bash ප්‍රධානී Alistair Dobson පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now