චීනයේ සිට එන සංචාරකයන්ට රටට ඇතුල් වීමට නොදීම සදහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති තීරණය නිසා රටේ ආර්තිකයට් එය කෙසේ බලපායිද? මේ අතර නවසීලන්තය , ඇමෙරිකාව , ඉන්දුනීසියාව , ඉන්දියාව හා ඉස්රාලය වැනි රටවල්ද එසේ සංචාරක තහනම් සිදු කර තිබේ.
නමුත් පසුගිය දශක දෙක තුල චීනය ලෝක සංචාරකයන් වැඩි පුර එන රටක් බවට පත් වුනා. චීන ප්‍රධාන භුමියේ සිට Hong Kong හි මකාව් දක්වා වසර 2018 දී මිලියන 76ක් පිරිස පැමිණ ඇති අතර, United Nations World Tourism Organisation දත්ත පවසන්නේ වසර 1997 දී චීන ජාතිකයන් මිලියන 2.8ක් සංචාරය කිරීම කලත් 2018 වන විට එය මිලියන 73ක් වී ඇති බව.
ජමනිය, ඇමෙරිකාව හා බ්‍රිතාන්යන්ගෙන් පසුව පසුව චීන ජාතිකයන් ලෝකයේ 4වැනියට වැඩිම සංචාරකයන් සිටින රට වේ. චීන ජාතිකයන් මැකාව් වලින් පසුව වැඩිපුරම සංචාරය කරන රටවල් වන්නේ තායිලන්තය , ජපානය , වියට්නාමය , දකුණු කොරියාව හා සිංගප්පුරුවයි. නමුත් ඔස්ට්‍රේලියාව චීන ජාතිකයන් අතර 17 වැනි සංචාරය කරන රට වේ. එය වසර 2018දී මිලියන 1.4ක් විය , නවසීලන්තය ගන්නේ 26 වැනි ස්ථානයයි.
නමුත් දැන් ඕස්ට්‍රේලියාවේ සංචාරකයින් වැඩිපුරම එන්නේ චීනයෙන්. පහත දැක්වෙන්නේ වසර 2017 ඒ පිළිබද දත්ත

වසර 2019 නොවැම්බර් දක්වා චීනයේ සිට සංචාරකයන් මිලියන 1.44 පැමිණ ඇති අතර මිලියන 9.44ක් වූ කෙටි කාල සංචාරකයන්ගෙන් 15%ක් වේ. නමුත් සාමාන්යෙන් එම සංචාරකයෙක් වැඩිපුර මෙහිදී වියදම් කරන අතර එක සංචාරකයෙක් $A9,235 පමණ වියදම් කරයි. ජමනියේ සංචාරකයෙකු වියදම් කරන්නේ A5,943 පමණි
ඒ අනුව චීන සංචාරකයන් ඩොලර් බිලියන 12ක් පමණ ඕස්ට්‍රේලියානු ආර්ථිකයට ලබා දේ.
එය මුළු සංචාරකයන්ගෙන් 27%ක් වන අතර දල ජාතික නිෂ්පාදිතයෙන් 0.6%ක් වේ.
අන්තර්ජාතික සිසුන්
මෙසේ බොහෝ චීන සංචාරකයන් මෙහි පැමිණෙන්නේ අධ්‍යාපන කටයුතු සදහායි. මිලියන 1.44ක් වූ චීන සංචාර වලින් 275,000ක් එනම් 20%ක් පමණ අධ්‍යාපන කටයුතු වලට විය. ඔවුන් සාමාන්යෙන් දින 124 ක් මෙහි සිට ඇති අතර ඩොලර් 27000ක් පමණ වියදම් කොට ඇත. වෙනත් අන්තර්ජාතික සිසුන් වියදම් කරන්නේ ඩොලර් 22000ක් පමණ වේ. එසේම චීන සංචාරකයන් සාමාන්යෙන් දින 14ක් ගත කොට ඩොලර් 4655 වැය කරයි.
මෙම තහනමේ බලපෑම්
පෙබරවාරි මාසය චීන සිසුන් වැඩි පුර පැමිනෙන මාසයයි. වසර 2019දී චීන සිසුන් 206,300ක් ඔස්ට්‍රේලියාවට මේ කාලයේ පැමිණ තිබේ. එය බොහෝ විශ්ව විද්‍යාල වාර ආරම්භ වන කාලය නිසාත් චීන අලුත් අවුරුදු නිසාත් වේ. ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල මුළු ගාස්තුව ගෙවන සිසුන්ගෙන් 38%ක් පමණ චීන සිසුන් වේ. මෙය විශ්ව විද්‍යාල ආදායමේ 9%ක් වේ. චීන සිසුන් මුළු විදෙස් සිසුන්ගෙන් 30%ක් වේ.

දීර්ඝ කාලීන බලපෑම්
සර 2002දී චීනයේ SARS වසංගතය ඇති වී විට චීනය සංචාරකයින්ට තහනම් වුවත් ඔස්ට්‍රේලියාව චීන සංචාරකයින්ට තහනම් කලේ නැහැ. ඔවුන් ගුවන් තොටුපොල වලදී පරීක්ෂා කිරීම සිදු කලා. නමුත් වසර 2003 මැයි වන විට වසර 2002ට වඩා චීන සංචාරකයන්ගේ 75%ක් දක්නට ලැබුනා. නමුත් මාස කිහිපයකින් SARS පාලනයට හැකි වූ නිසා අගෝස්තු වන විට නැවත ස්නාචාරකයින් 12000ක් පමණ පැමිණ තිබේ.

නමුත් කොරෝනා වයිරසය නිසා වන සංචාරක තහනම් දිගු කාලයක් පවතින බවක් පෙනෙන්නට ඇති නිසා බොහෝ චීන සිසුන්ට හා සංචාරකයන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වීම ඕස්ට්‍රේලියානු ආර්ථිකයට දැඩි ලෙස බලපානු ඇති බවට වාර්තා වේ.
Source: SBS News/ The Conversation

