ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා බලා සිටිය යුතු කාලය තවත් ඉහළ යාම නිසා 887 වීසා ලාභීන් රට පුරා විරෝධතාවක

2014 දී ඔස්ට්‍රේලියාවේ bridging වීසා ලාභීන් 60,795 සිට ඇති අතර 2022 එය 333,357 දක්වා ඉහළ ගොස් ඇති බව Migrant Workers Center (MWC) හි නවතම වාර්තාව හෙළි කරයි.

Three protestors hold placards in support of 887 visa holders

Brijesh Batra (centre) at the Melbourne protest with his wife Pratima and daughter Kashvi.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් සිටින 887 skilled regional වීසා අයදුම්පත් ලාභීහු සිය ගණනක් පසුගිය සති අන්තයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට එරෙහිව විරෝධතාවක් පැවැත්වූහ.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් bridging වීසා මත සිරවී සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව හය ගුණයකින් වැඩි වී ඇති බව නව වාර්තාවකින් පෙන්නුම් කරයි.

මේ හේතුවෙන් සිය ගනනක් සංක්‍රමණිකයෝ සෑම නගරයකම රැලි සංවිධානය කරමින් තමන්ගේ 887 වීසා අයදුම්පත් සඳහා ප්‍රමුඛත්වය දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.
A group of campaigners hold a rally in Melbourne
The campaigners were calling for 887 visa holders to be prioritised.

Migrant Workers Center (MWC) හි නවතම වාර්තාව

2014 දී ඔස්ට්‍රේලියාවේ bridging වීසා ලාභීන් 60,795 සිට ඇති අතර 2022 එය 333,357 දක්වා ඉහළ ගොස් ඇති බව Migrant Workers Center (MWC) හි නවතම වාර්තාව හෙළි කරයි.

887 skilled regional වීසා අයදුම්පතක් සලකා බැලීමට 2018 වන විට මාස 10ක් පමණ ගතවූ බව වාර්තා වේ.

නමුත් 2018 න් පසු එම කාලය දෙගුණයකට වඩා වැඩි වී ඇති බව ද MWC වාර්තාව පෙන්වා දෙයි.

"පසුගිය දශකය පුරාවට ඔස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණ සඳහා ප්‍රමුඛත්වය දී ඇති වීසා පද්ධතියක් අපි දැක්ක. ස්ථිර පදිංචිය ලබා ගැනීම ඉතා අසීරු වවු අතර ඒ සඳහා මාර්ගයක් සොයාගත් අයට වසර දෙකක් හෝ ඇතැම් විට වසර තුනක් පුරාවට තම වීසා ලැබෙන තෙක් බලා සිටීමට සිදුව තිබෙනවා." යනුවෙන් සංක්‍රමණික සේවක මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී Matt Kunkel පවසයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රජාවන්ට අසාමාන්‍ය දායකත්වයක් ලබා දීම සඳහා 887 වීසා අයදුම්කරුවන් හඳුනා නොගන්නා බව ද ඔහු පැවසීය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
මේවා අනුමත කිරීමට අපහසු වීසා බව පැවසීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකි තර්ක ඉතා අල්ප බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම වීසා හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කරන පුද්ගලයින් දැනටමත් ආරක්‍ෂක පරීක්‍ෂණයක් සිදු කර ඇති අතර, ඔවුන්ගේ කුසලතා සහ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ඔවුන්ගේ යෝග්‍යතාව දැනටමත් පරීක්‍ෂා කර අදාළ සාක්ෂි ලබා දී තිබෙන බවද ඔහු අවධාරණය කළේය.

ශ්‍රම සූරාකෑමටද ඉවහල් විය හැකියි

සංක්‍රමණික සේවකයින් සඳහා වීසා අයදුම්පත් සලකා බැලීමේ ප්‍රමාදයන් ශ්‍රම සූරාකෑම් සහ වැටුප් සොරකම් ඉහළ යාමට හේතු විය හැකි බව ද MWC වාර්තාව හෙළි කරයි.

තාවකාලික වීසා සැලසුම් කර ඇත්තේ සංක්‍රමණික සේවකයින් කෙරෙහි සේවා යෝජකයන්ට බලය ලබා දීම සඳහා වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දැඩි මානසික ආතතියකින් සහ නිතර රැකියා ස්ථානයේ පීඩාවලට ඔවුන් ගොදුරු වන බව මෙම වාර්තාව පවසයි.


අධික ලෙස ගොඩගැසුණු වීසා අයදුම්පත් සලකා බැලීමේ ප්‍රමාදයන් විසඳීමට සහ සංක්‍රමණික සේවකයන්ගේ සේවා ස්ථාන අයිතීන් වඩාත් හොඳින් ආරක්ෂා කිරීමට ප්‍රධාන නිර්දේශ කිහිපයක් අනුගමනය කරන ලෙස මෙම වාර්තාව රජයෙන් ඉල්ලා සිටී.

සියලුම තාවකාලික වීසා වැඩසටහන් වෙත ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා පැහැදිලි මාර්ගයක් ස්ථාපිත කිරීම සහ ඇතැම් bridging වීසා බලපත්‍රලාභීන් සඳහා රැකියා සීමාවන් ඉවත් කිරීම එම නිර්දේශ අතරට ඇතුළත් වේ.
2022-23 වසරවල පවතින ස්ථිර සංක්‍රමණ වීසා සංඛ්‍යාව සැප්තැම්බර් මස මුලදී පැවති රැකියා සහ නිපුණතා සමුළුවෙන් පසුව 160,000 සිට 195,000 දක්වා ඉහළ නැංවූ බව ආගමන, පුරවැසිභාවය සහ බහු සංස්කෘතික කටයුතු අමාත්‍ය Andrew Giles නිවේදනය කළේය.


ඉදිරි මාස නවය තුළ වීසා අයදුම්පත් සලකා බැලීම පිණිස දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය 500 කින් ඉහළ නැංවීමට සහාය වීම සඳහා මධ්‍යම රජය අතිරේක ඩොලර් මිලියන 36.1 ක් ලබා දෙන බවට ප්‍රකාශ කර තිබේ.

Share

Published

By Cassandra Bain, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා බලා සිටිය යුතු කාලය තවත් ඉහළ යාම නිසා 887 වීසා ලාභීන් රට පුරා විරෝධතාවක | SBS Sinhala