SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ අලෙවි කෙරෙන පැණි බීම සඳහා බදු අය නොකරන බවට මධ්‍යම රජයෙන් ප්‍රකාශයක්

Sugar tax
Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ අලෙවි කෙරෙන පැණි බීම සඳහා බද්දක් අය කිරීමට තමන් සහය නොදක්වන බව ටර්න්බුල් රජය පවසයි.

මෙරට අලෙවි කෙරෙන පැණි බීම සඳහා බද්දක් අය කරන මෙන් ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර එවැනි බීම වර්ග සහ  junk food වර්ගයේ ආහාර සඳහා පළ කරනු ලබන දැන්වීම් තහනම් කරන ලෙසද ඉල්ලා සිටියේය.

ළමා පරපුරේ ස්ථුලතාව බහුලව දැකිය හැකි රටවල් ලයිස්තුවේ ඔස්ට්‍රේලියාව ඉදිරියෙන්ම සිටින රටක් බවට පත්ව ඇති අතර වයස අවුරුදු 5 ත් 17 ත් අතරේ පසුවන ළමුන්ගෙන් 27% ක් පමණ අධික බර වැඩිවීමට සහ ස්ථුලතාවට ලක්ව ඇති බව සඳහන්.

ස්ථුලතාව අවම කිරීමට රජය සැලකිය යුතු පියවර ගෙන ඇති බවත් පැණි බීම සඳහා බද්දක් අය කිරීමට රජය අදහස් නොකරන බවත් ලිබරල් සන්ධාන රජය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now