SKIP TO MAIN CONTENT

පොදු සහ ව්‍යාපාරික ස්ථාන වලදී මුව ආවරණ පැළඳීම නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වාසීන්ට අගෝස්තු 03 සිට සිට නිර්දේශ කෙරේ

توصیه داکتران ویکوریا برای پوشیدن ماسک
Source: Getty

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පොදු සහ ව්‍යාපාරික ස්ථාන වලදී මුව ආවරණ පැළඳීම නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වාසීන්ට අද (03/08) සිට නිර්දේශ කෙරේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් යළි හිස ඔසවමින් පැවතීම පාලනය කිරීම සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කිරීමට අපහසු ස්ථාන වල, ආගමික ස්ථාන වල මෙන්ම ව්‍යාපාරික ස්ථාන වල පාරිභෝගිකයින් සමග ගනුදෙනු කරන විට අදාළ සේවකයින් හට මුව ආවරණ පැළඳිය යුතු බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අවධාරණය කරයි.

මේ මොහොතේදී මහජනයාගේ සෞඛ්‍ය රකිමින් ඒ සමග ප්‍රාන්ත ආර්ථිකයද නොවැටී පවත්වාගෙන යාමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය උත්සහ දරන බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now