බටහිර ඔස්ට්‍රේලියාවේ 30 වන ප්‍රාන්ත අගමැතිවරයා ලෙස බටහිර ඔස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂ නායක Mark McGowan අද (17/03) දිවුරුම් නියමිතය.
ඊට අමතරව ඔහුගේ කැබිනට් මණ්ඩලයද අද දිනයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
පසුගිය මාර්තු 11 වන දින පැවති බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණයේදී Colin Barnett ප්‍රමුඛ ලිබරල් ප්‍රාන්ත රජය අන්ත පරාජයකට පත් කිරීමට Mark McGowan ප්‍රමුඛ කම්කරු පක්ෂයට හැකි විය.
ප්‍රාන්තයේ සමස්ත මැතිවරණ ආසන 59න් ආසන 41 ක්ම ජයග්‍රහණය කිරීමට කම්කරු පක්ෂයට හැකියාව ලැබුණි.
නව ප්‍රාන්ත අගමැතිවරයා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය අද දිනයේ දිවුරුම් දීමෙන් අනතුරුව එළඹෙන සඳුදා (20/03) බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ පළමු නව පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීමට නියමිත බවද සඳහන්.

