SKIP TO MAIN CONTENT

එංගලන්තය පරාජයට පත් කරමින් විස්සයි විස්ස ක්‍රිකට් ලෝක ශුරතාවය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට

2016 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් තරගය ජයගනිමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දෙවන වතාවටත් කුසලානය හිමි කරගනිද්දී, කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමද ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරමින් ප්‍රථම වතාවට ශුරතාවය හිමි කරගන්නට සමත් වීම ඓතිහාසික සිදුවීමකි.

West indies cricket team
Source: ICC Cricket

2 min read

Published

Updated

By Sanjaya Dissanayake



Skip to article content

කල්කටා හි ඊඩ්න්  ගාඩ්න් ක්‍රීඩාංගනයේදී  පැවති  අවසන් තරගයේදී කාසියේ වාසිය හිමිකරගත් කොදෙව් කණ්ඩයම, පලමුවෙන් පන්දුව පහරදීමේ වාරය  එංගලන්තයට ලබා දුන් අතර, එහිදී එංගලන්ත පිති කරුවන්ට නියමිත පන්දුවාර 20 තුල වාර්තා කල හැකි වුයේ ලකුණු 155ක් පමණි.

අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කල කොදෙව්වන් පන්දුවාර 19 කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු  6ක් පමණක් දැවී ලකුණු 161 ක් වාර්තා කරමින් තරගයේ ජයග්‍රහණය සමගින් 2016 විස්සයි විස්ස කිරුල හිමි කරගන්නට සමත් විය. තරගයේ අවසන් පන්දුවාරයේදී කොදෙව් කණ්ඩායමේ Carlos Brathwaite පිට පිට හයේ පහර හතරක් එල්ල කරමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීම විශේෂ සිදුවීමක්. මෙම තරගයේදී පන්දු 66කදී නොදැවී ලකුණු 85ක් වාර්තා කල මාලන් සැමුවෙල්ස් තරගයේ වීරයා බවට පත් වූ අතර 20-20 ලෝක කුසලාන අවසන් තරගයකදී වාර්තා වූ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසත් ඔහුගේ ඉනිම වාර්තා අතරට එක් විය. 2012 වසරේ ශ්‍රී ලංකා ව සමගින් පැවති  අවසන් තරගයේදී සැමුවෙල්ස් විසින්ම පිහිටවූ ලකුණු 78ක් වාර්තා මෙම තරගයේදී ඔහු විසින් බිද හෙලීම සුවිශේෂී සිදුවීමක්.

මාලන් සැමුවෙල්ස් හට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ

මේ අතර අවසන් තරගයේ අවසන් පන්දුවාරයේදී කොදෙව් කණ්ඩායමේ මාලන් සැමුවෙල්ස්,Carlos Brathwaite  සහ එංගලන්ත කණ්ඩයමේ බෙන් ස්ටොක්ස් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර, මෙහිදී අයුතු ආකාරයෙන් තවත් කෙනෙකුට අපහාස වන ආකාරයෙන් භාෂාව හැසිරවීමේ වරද මත ඔහුට තරග ගාස්තුවෙන් 30% ක දඩ මුදලක් නියම කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

කොදෙව් කණ්ඩායම තරගයේ අවසන් පන්දුවාරයේදී ලකුණු 24ක් වාර්තා කල අතර, එය 20-20 තරගයක් ජයගැනීමට කණ්ඩායමක් අවසන් පන්දුවාරයේදී වාර්තා කල වැඩිම ලකුණු ප්‍රමාණය  බවද සදහන්.

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ ජයත් කොදෙව් කාන්තා කණ්ඩායමට

West Indies Womens cricket team
Source: Courtesy: ICC

2016 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාන්තා ශුරතාවය හිමිකරගන්නට ඊයේ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම් අතර කල්කටා හි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේදී පැවති අවසන් තරගයෙන් කඩුලු 8ක තියුණු ජයක් හිමි කරගන්නට කොදෙව් කාන්තා කණ්ඩායම සමත් විය. මීට පෙර තුන් වතාවක් 20-20 ලෝක කුසලානය හිමි කරගෙන ඇති ඕස්ට්‍රේලියාව සිව්ව්වන වතාවටත් කුසලානය හිමි කරගැනීමේ බලාපොරොත්තුවෙන් අවසන් තරගයට ප්‍රවිෂ්ට වුවත්, කොදෙව් කණ්ඩායමේ Hayley Matthews ගේ සහ Stafanie Taylor ගේ ප්‍රහාරාත්මක පිති හරඹය හමුවේ ඕස්ට්‍රේලියාවේ බලාපොරොත්තු සුනු විසුනු කරමින් ප්‍රථම වතාවට 20-20 ලෝක කුසලානයේ ජය හිමි කරගන්නට කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

20-20 ලෝක කුසලාන ඉතිහාසයේ කාන්තා සහ පිරිමි ශුරතාවය එක් රටක් විසින් හිමි කරගත් ප්‍රථම වතාව මෙයයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now