බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය 20-20 ලෝක කුසලානයේ අවසන් තරගයට...

මෙවර 20-20 ලෝක කුසලානයේ අවසන් පුර්ව වටය යටතේ පැවති තරගයකින් ඉන්දියාව පරාජයට පත් කරමින් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් අවසන් තරගයට සුදුසකම් ලබන්නට කොදෙව් කණ්ඩායම ඊයේ සමත් විය.

West Indies Lendl Simmons is held aloft by  teammates as they celebrate their seven wicket win over India at the ICC World Twenty20  cricket semifinal match

West Indies Lendl Simmons is held aloft by teammates as they celebrate their seven wicket win over India at the ICC World T20 2016 cricket semifinal match Source: AP

මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ වාරය ඉන්දියාවට ලබාදුන් අතර එහිදී ඔවුන් කදුළු 2ක් පමණක් දැවී ලකුණු 192ක් වාර්තා කරන්නට සමත් විය. ඉන්දීය ඉනිම තුලදී විරාත් කෝලී  පන්දු 47 කදී නොදැවී ලකුණු 89ක් වාර්තා කලත් ඔහුගේ අගනා  ඉනිම ඉන්දීය කණ්ඩායමට ජය ඇත කරදීමට ප්‍රමාණවත් වුයේ නැහැ.

 

පිළිතුරු ඉනිම ආරම්භ කල කොදෙව් කණ්ඩායම, කඩුලු  3ක් පමණක් දැවී පන්දු 2ක් ඉතිරිව තිබියදී ලකුණු 196ක් වාර්තා කරමින් තරගයේ ජය සහතික කරගන්නට සමත් විය. කොදෙව් කණ්ඩායමට අවසන් මොහොතේ එක වූ ක්‍රීඩක  Lendl Simmons නොදැවී ලකුණු 82ක් වාර්තා කරන්නට සමත් වූ අතර, ඔහු තරගයේ වීරයා  ලෙසද සම්මාන හිමි කරගන්නට සමත් විය. තවද මෙම ලකුණු 82  Lendl Simmons තම 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුල වාර්තා කල වැඩිම ලකුණු ප්‍රමාණය  බවද සදහන්.

මෙම තරගයේදී කොදෙව් කණ්ඩායම හතරේ සහ හයේ පහර වලින් තම ඉනිම තුල ලකුණු 146ක් හතරේ සහ හයේ පහර වලින් රැස්  කල අතර ඉන්දීය කණ්ඩායම ලකුණු 92ක් හතරේ සහ හයේ පහර වලින් රැස්කර තිබිණි.

ඉන්දීය කණ්ඩායම මෙහිදී වාර්තා කල ලකුණු 192 විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය තුල ඔවුන් වාර්තා කොට ඇති දෙවැනි වැඩිම ලකුණු ප්‍රමානය වන අතර කොදෙව් කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස තරගයකදී වාර්තා කර ඇති වැඩිම ලකුණු ප්‍රමාණය බවත් සදහන්.

 

මෙම තරගය පරාජයට වාසනාව බලපෑමක් කළද ? යනුවෙන් මාධ්‍යවේදියෙක් ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිංග්  දෝනි ගෙන් විමසීමක් කල අතර, වාසනාව තරග ජයග්‍රහණය සාධකයක් විය හැකි වුවත් හොදින් ක්‍රිකට් ක්‍රීඩා කිරීම තරග ජයග්‍රහණයට ප්‍රධාන හේතුව ලෙස තමන් දකින බවයි. කාසියේ වාසිය වැනි සාධක තමන්ට පාලනය කල නොහැකි බවත්, තම කණඩායම ජයගෙන ඇති තරග හොදින් ක්‍රීඩා කිරීම නිසා ජයගෙන ඇති බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

 

එංගලන්තය සමග පැවැත්වෙන අවසන් මහා තරගය ජයගැනීමට තමන් හැකි සෑම  ශක්තියක්ම යොදන බව තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ කොදෙව් නායක Darren Sammy ප්‍රකාශ කළේය.

 

2016 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එළබෙන 3 ඉරිදා (අප්‍රේල් 3දා ) කල්කටා හි ඊඩ්න්  ගාඩ්න් ක්‍රීඩාංගනයේදී  එංගලන්තය සහ කොදෙව් දේශය අතර පැවැත්වීමට නියමිතයි.


2 min read

Published

Updated

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now