එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 2 කින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ඊයේ දිනයේදී (10 Feb) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඉන් පළමු එක්දින තරගය පෙබරවාරි මස 17 කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ද, දෙවැනි තරගය 26 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද, තෙවැනි තරගය මාර්තු 1 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ.
විස්සයි20 තරග දෙක මාර්තු මස 3 වැනිදා සහ 6 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.