SKIP TO MAIN CONTENT

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවසන් පුර්ව වටයට. දකුණු අප්‍රිකාවට කඩුලු තුනක පරාජයක්

තරගාවලිය ආරම්භයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දස්කම් පිලිබදව සමහරක් විචාරකයින් ඉහලින් කතා කලත් තරග තුනකට සහභාගී වී ඔවුන් ජයගෙන ඇත්තේ එක තරගයක් පමණි.

West Indies's Chris Gayle (C) celebrates with teammates after taking the wicket of South Africa's batsman David Miller during the World T20 cricket tournament
West Indies's Chris Gayle (C) celebrates with teammates after taking the wicket of South Africa's batsman David Miller during the World T20 cricket tournament Source: Getty Images

1 min read

Published

Updated

By Sanjaya Dissanayake



Skip to article content

ඊයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර 20-20 ලෝක කුසලානය යටතේ පැවති තරගයෙන් කඩුලු  තුනක ජයක් හිමි කරගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ අනුව පළමු කාණ්ඩය තුල තරග තුනකට සහභාගී වී තරග තුනම ජයගෙන අපරාජිතව සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම  අවසන් පුර්ව  වටයේ තම ස්ථානය සුරක්ෂිත කරගැනීමට මේ වන විට සමත් වී ඇත.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 122ක් වාර්තා කල අතර කොදෙව්වන් පන්දුවාර 19කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු  7ක් දැවී ලකුණු 123ක් වාර්තා කරමින් තරගයේ ජය සහතික කරගත්හ.

කොදෙව් දේශය වෙනුවෙන් ලකුණු 44ක් වාර්තා කල මාලන් සැමුවෙල්ස් තරගයේ වීරයා  බවට පත් විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now