SKIP TO MAIN CONTENT

බටහිර ඔස්ට්‍රේලියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත තුළ පැනවූ ඇතැම් කොරෝනා නීති ලිහිල් කෙරේ

coronavirus restrictions
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය

කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණින් බටහිර ඔස්ට්‍රේලියාව තුළ පනවා ඇති ඇතැම් නීති ලිහිල් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද සිට (27/04) පුද්ගලයින් 10 දෙනෙකු දක්වා එක්රැස්විය හැකි බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය පවසයි.

මෙතෙක් කලක් එය පුද්ගලයින් දෙදෙනෙකුට සීමා විය.

මේ අතර අලෙවිය සඳහා විකිණීමට අදාළ නිවාස මෙන්ම display Homes ද විවෘත කිරීමට අවසර ලැබේ.

කෙසේනමුත්, ප්‍රාන්තයේ එළිමහන් කාය වර්ධන මධ්‍යස්ථාන, මහජන ක්‍රීඩාංගන සහ skate උද්‍යාන තවමත් වසා දැමීමට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඇතැම් කොරෝනා නීති ලිහිල් කළද කොරෝනා වසංගතයේ බරපතල භාවය පහව ගොස් නැති බවද බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ ප්‍රාන්ත අගමැති Mark McGowan පවසයි.

coronavirus restrictions
Source: AAP

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුළ පනවා තිබෙන ඇතැම් නීති ද ලිහිල් කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය සූදානම් බව වාර්තා වේ.

ඒ අනුව jet ski පැදීම, යතුරු පැදි ධාවනය සහ පවුලේ කෙටි විනෝද ගමන් වල යෙදීම වැනි ඇතැම් විනෝදාස්වාදය සපයන ක්‍රියා වල නිරතවීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසීන්ට මැයි 01 වන දින මධ්‍යම රාත්‍රියේ සිට අවසර ලැබේ.

එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ජාතික උද්‍යාන ද මහජනයාට විවෘත කෙරෙන අතර ඇඳුම්, සපත්තු වැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අලෙවි කරන වෙළෙද සැල් ද විවෘත කිරීමට මේ අනුව අනුමැතිය හිමිවේ.

කෙසේවෙතත්, තම නිවසේ සිට කිලෝ මීටර් 50 කට අධික දුරක් යාමට කිසිදු ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසියෙකුට අවසර නැති අතර පුද්ගල දුරස්ථභාවය සහ සනීපාරක්ෂක ක්‍රියා දිගින් දිගටම අනුගමනය කළ යුතු බව ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය අවධාරණය කරයි.

මහජනයාගේ හැසිරීම අයහපත් වුවහොත් මෙම ලිහිල් කළ නීති නැවත දැඩි කරන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පැවසුවාය.

කෙසේවෙතත්, ක්වීස්න්ලන්ත හෝ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය මෙන් කොරෝනා නීති ලිහිල් කිරීමට දැනට අපේක්ෂාවක් නොමැති බව වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කර සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now