COVID 19 update 02 September: බටහිර ඕස්ට්‍රේලිය ප්‍රාන්තයේ කොවිඩ් නීතිවල විශාල සංශෝධනයක්

2022 සැප්තැම්බර් 02 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

 PUBLIC TRANSPORT

Commuters at a train station. Source: AAP / DAN HIMBRECHTS/AAPIMAGE

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් අවම වශයෙන් කොවිඩ් මරණ 58 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 21 ක්ද සහ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 17 ක්ද ඊට ඇතුළත් වේ.

කුලී රථවල ඇතුළු පොදු ප්‍රවාහනයේදී මුව ආවරණ නීති ඉවත් කළ පළමු ප්‍රාන්තය බවට බටහිර ඔස්ට්‍රේලියාව පත් වී ඇත. මෙම නව වෙනස්කම් සැප්තැම්බර් 9 සිට බලාත්මක වනු ඇත.

කෙසේ වෙතත්, රෝහල්, බන්ධනාගාර සහ aged care සහ disability care මධ්‍යස්ථාන වැනි ඉහළ අවදානම් සහිත ස්ථානවල මුව ආවරණ පැළඳීමට තවමත් අවශ්‍ය වේ.

අද (සැප්තැම්බර් 2) සිට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ aged care සහ disability care මධ්‍යස්ථාන වෙත අමුත්තන් පැමිණීමේ පැය සීමාව ලිහිල් කර තිබේ.

ක්වීන්ස්ලන්තය පෞද්ගලික සෞඛ්‍ය සේවකයින් සඳහා අනිවාර්ය COVID-19 එන්නත් අවශ්‍යතා ඉවත් කර ඇත.

කෙසේ වෙතත්, aged care සහ disability care මධ්‍යස්ථානවල සේවකයින් තවමත් ඔවුන්ගේ කොවිඩ් එන්නත් සමඟ යාවත්කාලීනව සිටිය යුතුය.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

රෝග ලක්ෂණ නොමැති ඔස්ට්‍රේලියානුවන් සඳහා COVID-19 හුදකලා කාලය දින හතේ සිට පහ දක්වා කෙටි කිරීමට ජාතික කැබිනට් මණ්ඩලය ගත් තීරණය අගමැති Anthony Albanese යළිත් තහවුරු කරයි.

එය සියලුම ප්‍රාන්ත සහ ටෙරටරි විසින් සහාය දැක්වූ "අවශ්‍ය තීරණයක්" බව ඔහු ABC News Breakfast වෙත පැවසුවේය.

මුල් COVID-19 ප්‍රභේදය සහ BA.1 Omicron ප්‍රභේදය ඉලක්ක කරන Moderna's bivalent COVID-19 එන්නත ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක අධිකාරිය විසින් තාවකාලිකව අනුමත කර ඇත.

මෙම බූස්ටර් මාත්‍රාව වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා භාවිතා කළ හැක.

අගෝස්තු 28 න් අවසන් වූ සතිය සඳහා නව ගෝලීය COVID-19 රෝගීන් සහ මරණ පිළිවෙලින් 16% කින් සහ 13% කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නවතම සතිපතා වාර්තාවේ සඳහන් කළේය.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now