ඔස්ට්‍රේලියාවේ PR ගැනීම තවත් පහසු කිරීමට වෙනස්කළ බටහිර ඔස්ට්‍රේලියාවේ නවතම Skilled Occupation ලැයිස්තු මෙන්න

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වීසා නාමයෝජනා සඳහා අයදුම් කිරීමට ඊළඟ වටයේ ආරාධනා පත්‍ර 2022 සැප්තැම්බර් මාසයේ තුන්වන සතියේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත ආගමන කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටී.

Skilled Migration

Visa applications for nurses and teachers are now only taking three days to process. Source: SBS / SBS News / Aaron Hobbs

Key Points

  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණය සඳහා සුදුසුකම් ඇති වෘත්තීන් 60% කින් පමණ වැඩි කර තිබේ.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත නාමයෝජනා සඳහා ප්‍රමාණවත් අරමුදල් ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවයද ඉවත් කර ඇත.
  • තවද කළමනාකරු සහ වෘත්තීය මට්ටමේ අයදුම්කරුවන් සඳහා ඉංග්‍රීසි අවශ්‍යතාව "competent" මට්ටමට දක්වා අඩු කර තිබේ.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට සංක්‍රමණය වීමට අපේක්ෂා කරන පුහුණු ශ්‍රමිකයින්ට සහාය වීම සඳහා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය සිය සංක්‍රමණ වැඩසටහනේ වෙනස්කම් සිදු කර ඇති බව නිවේදනය කරයි.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණය සඳහා සුදුසුකම් ඇති වෘත්තීන් 60% කින් පමණ වැඩි කිරීම එම වෙනස්කම අතර ප්‍රධාන වේ.

ඒ අනුව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තුවට Schedule 1 (WASMOL Schedule 1) සහ Schedule 2 (WASMOL Schedule 2) ලැයිස්තුවට මෙම වෘත්තීන් එක් කර තිබේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

බටහිර ඔස්ට්‍රේලියා සංක්‍රමණ වැඩසටහනේ සිදුකළ සංශෝධන

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විසින් $200 අයදුම්පත් ගාස්තුව ද ඉවත් කර ඇති අතර 2022 ජූලි 1 වන දින සිට බල පැවැත්වෙන පරිදි නව අයදුම්කරුවන් සඳහා වන අවශ්‍යතාවලද සංශෝධන සිදු කර ඇත.

එම සංශෝධන පහත පරිදි වේ.

  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත නාමයෝජනා සඳහා ප්‍රමාණවත් අරමුදල් ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවය ඉවත් කිරීම. 
  • කළමනාකරු සහ වෘත්තීය මට්ටමේ අයදුම්කරුවන් සඳහා ඉංග්‍රීසි අවශ්‍යතාව "competent" මට්ටමට දක්වා අඩු කිරීම. 
  • WASMOL ලැයිස්තු 1 සහ 2 සඳහා ලේඛන අවශ්‍යතා සහ අයදුම්කරු නම් කරනු ලබන වීසා බලපත්‍රය මත පදනම්ව උපාධිධාරී රැකියා ලැයිස්තු වෙනස් කිරීම.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වීසා නාමයෝජනා සඳහා අයදුම් කිරීමට ඊළඟ වටයේ ආරාධනා පත්‍ර 2022 සැප්තැම්බර් මාසයේ තුන්වන සතියේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත ආගමන කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටී.

Western Australia opened its Migration Program with 200 plus occupations added
Western Australia opened its Migration Program with 200 plus occupations added Source: Getty / Getty Images/triloks

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සංක්‍රමණ වැඩසටහනට අලුතින් එක් කළ වෘත්තීන්

WASMOL Schedule 1 සහ WASMOL Schedule 2 යන රැකියා ලැයිස්තු ද්විත්වයට මෙවර අලුතින් එක් කළ වෘත්තීන් පහත පරිදි වේ.

ANZSCO codeSkilled occupation Eligible visas WASMOL Schedule 1 WASMOL Schedule 2 
*190 visa**491 visa
​141999​Accommodation and Hospitality Managers, nec NEW
233911Aeronautical Engineer NEW
234111Agricultural Consultant NEW
233912Agricultural Engineer NEW
​323111​Aircraft Maintenance Engineer (Avionics) NEW
​323112​Aircraft Maintenance Engineer (Mechanical) NEW
​323113​Aircraft Maintenance Engineer (Structures) NEW
411111Ambulance Officer NEW
311211Anaesthetic Technician NEW
253211Anaesthetist NEW
232111Architect NEW
233913Biomedical Engineer NEW
234514Biotechnologist NEW
​351211​Butcher or Smallgoods Maker NEW
342411Cabler (Data and Telecommunications) NEW
311212Cardiac Technician NEW
253312Cardiologist NEW
253512Cardiothoracic Surgeon NEW
233111Chemical Engineer NEW
312212Civil Engineering Technician NEW
​599915Clinical Coder​ NEW
253313Clinical Haematologist NEW
411711Community Worker NEW
263111Computer Network and Systems Engineer NEW
149311Conference and Event Organiser NEW
149212Customer Service Manager NEW
411213Dental Technician NEW
253911Dermatologist NEW
253917Diagnostic and Interventional Radiologist NEW
451211Driving Instructor NEW
272312Educational Psychologist NEW
312311Electrical Engineering Draftsperson NEW
​342314Electronic Instrument Trades Worker (general)​ NEW
233411Electronics Engineer NEW
253912Emergency Medicine Specialist NEW
253315Endocrinologist NEW
411411Enrolled Nurse NEW
233915Environmental Engineer NEW
251311Environmental Health Officer NEW
139912Environmental Manager NEW
411713Family Support Worker NEW
​323213​Fitter-Welder NEW
391111Hairdresser NEW
134299Health and Welfare Services Managers, nec NEW
132311Human Resource Manager NEW
261111ICT Business Analyst NEW
263212ICT Support Engineer NEW
​313199​ICT Support Technicians, nec NEW
233511Industrial Engineer NEW
411112Intensive Care Ambulance Paramedic NEW
253317Intensive Care Specialist NEW
221112Management Accountant NEW
233112Materials Engineer NEW
311312Meat Inspector NEW
134211Medical Administrator NEW
251211Medical Diagnostic Radiographer NEW
234611Medical Laboratory Scientist NEW
311213Medical Laboratory Technician NEW
253314Medical Oncologist NEW
253999Medical Practitioners, nec NEW
251212Medical Radiation Therapist NEW
311299Medical Technicians, nec NEW
​323299Metal Fitters and Machinists, nec​ NEW
312912Metallurgical or Materials Technician NEW
312913Mine Deputy NEW
263112Network Administrator NEW
263113Network Analyst NEW
​254211​Nurse Educator NEW
​254311​Nurse Manager NEW
134212Nursing Clinical Director NEW
311214Operating Theatre Technician NEW
253914Ophthalmologist NEW
251411Optometrist NEW
253514Orthopaedic Surgeon NEW
251912Orthotist or Prosthetist NEW
252112Osteopath NEW
232214Other Spatial Scientist NEW
253516Paediatric Surgeon NEW
253321Paediatrician NEW
​32411​Panelbeater NEW
311216Pathology Collector NEW
311215Pharmacy Technician NEW
253517Plastic and Reconstructive Surgeon NEW
133612Procurement Manager NEW
​612112Property Manager​ NEW
233213Quantity Surveyor NEW
272114Rehabilitation Counsellor NEW NEW
253322Renal Medicine Specialist NEW
411715Residential Care Officer NEW NEW
​312611​Safety Inspector NEW
253311Specialist Physician (General Medicine) NEW
253399Specialist Physicians, nec NEW
133611Supply and Distribution Manager NEW
253511Surgeon (General) NEW
261112Systems Analyst NEW
221113Taxation Accountant NEW
342413Telecommunications Linesworker NEW
253324Thoracic Medicine Specialist NEW
149413Transport Company Manager NEW
232611Urban and Regional Planner NEW
253518Urologist NEW
​324311​Vehicle Painter NEW
272613Welfare Worker NEW
411716Youth Worker NEW

Share

5 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now