නිව් සවුත් වේල්ස් හා වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන්ට අද සිට (08/12) බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට ඇතුළු වීමට අවසර

Queues to cross the border

Vehicles queue to cross the border between South Australia and Western Australia. Source: Twitter

නිව් සවුත් වේල්ස් හා වික්ටෝරියානු ප්‍රාන්ත වලට වසා දමා තිබූ තම ප්‍රාන්ත සීමා අද සිට (08/12) යළි විවෘත කරන බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Mark McGowan නිවේදනය කළේය.

ඒ අනුව අද සිට නිව් සවුත් වේල්ස් හා වික්ටෝරියානු ප්‍රාන්ත වල වැසියන්ට නිරෝධායනය වීමකින් තොරව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට ඇතුළු වීමට හැකියාව ලැබේ.

පසුගිය සතියේදී සිඩ්නි නුවර නිරෝධායනය සිදු කෙරෙන හෝටලයක පිරිසිදු කිරීමේ සේවිකාවක් හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙම ප්‍රාන්ත සීමා යළි විවෘත කිරීම පිළිබඳ දෙගිඩියාවක් මතු විය.

කෙසේනමුත් අදාළ සේවිකාවගෙන් වෙනත් කිසිවෙකු හට වයිරසය ආසාදනය වී නොමැති බව මේ වන විට තහවුරු වී තිබේ.

ඒ අනුව නිව් සවුත් වේල්ස් හා වික්ටෝරියානු ප්‍රාන්ත වල වැසියන්ට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට ඇතුළු වීමට දැන් අවසර ඇති බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Mark McGowan පැවසුවේය.

මේ අතර දෙසැම්බර් 11 සිට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වැසියන්ට ද නිරෝධායනය වීමකින් තොරව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට ඇතුළු වීමට අවසර ලැබේ.


Share

1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now