SKIP TO MAIN CONTENT

දැනට පනවා ඇති කොරෝනා නීති මේ සති අන්තයේදී තරමක් ලිහිල් කිරීමට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය සූදානම් වේ

Covid-19 restrictions
Covid-19 restrictions Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වයිරසය පැතිරීම වළක්වාලීමට තම ප්‍රාන්තය තුළ පනවා ඇති නීති හා සීමාවන් මේ සති අන්තයේදී තරමක් ලිහිල් කිරීමට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය සූදානම් වේ.

තම ප්‍රාන්ත ආර්ථිකය නැවත නගා සිටුවීමේ අරමුණින් ඔවුන් මෙම පියවර ගැනීමට නියමිතය.

ගතවූ සතිය පුරාවට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවීම නිසා මේ පිළිබඳ ප්‍රාන්ත රජයේ අවධානය යොමුව තිබේ.

කෙසේවෙතත්, දැනට වසා දමා ඇති බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක වන බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති  Mark McGowan පැවසීය.

නමුත් ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දමා ඇති මොහොතක ප්‍රාන්ත සීමා විවෘතව පැවතියහොත් ඔස්ට්‍රේලියාවේ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට පිටිවහලක් වනු ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg, Sky පුවත් වෙත පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now