SKIP TO MAIN CONTENT

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණය 2017 - මැතිවරණයට පැය 24 කට පෙර.

Western Australian state election 2017
Source: www.elections.wa.gov.au

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත මැතිවරණය අද (11/03) පැවැත්වේ.

මැතිවරණය සඳහා අවසන් මැතිවරණ ප්‍රවර්ධන රැළි ඊයේ (10/03) දිනයේදී පැවැත්වුණු අතර ලිබරල්, කම්කරු සහ One Nation යන ප්‍රධාන පක්ෂ තරගකාරී ලෙස තම අවසන් රැළි වල යෙදී සිටියහ.

බටහිර ඔස්ට්‍රේලියාවේ වත්මන් ප්‍රාන්ත අගමැති ලෙස කටයුතු කරන ලිබරල් පක්ෂයේ Colin Barnett ඊයේ පැවැත්වුණු තම අවසන් රැළියේදී කම්කරු පක්ෂයට දැවැන්ත වාග් ප්‍රහාරයක් එල්ල කළේය.

මෙවර මැතිවරණයෙන් කම්කරු පක්ෂය බලයට පත් වුවහොත්, බටහිර ඔස්ට්‍රේලියාව කැපී පෙනෙන ලෙස ණය බරින් මිරිකෙන අයුරු දැක බලා ගත හැකි බව ඔහු පැවසීය.

පසුගිය මැතිවරණයට සාපේක්ෂව මෙවර මැතිවරණය ජය ගැනීමට කම්කරු පක්ෂය මේ වන විට තිබෙන ආසන වලට වඩා තවත් ආසන 10 ක් දිනා ගත යුතුය.

“බටහිර ඔස්ට්‍රේලියාවේ මේ වන විට ඔස්ට්‍රේලියාවේ ඉහළම විරැකියා ප්‍රතිශතය තිබෙනවා. ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ පමණක් නොව ලෝකයෙන්ම දුර්වලම ක්‍රියා පටි පාටීන් බටහිර ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මකයි. වසර අටහමාරක් තිස්සේ තිබුන පාලනය සාම දිනකම මහජනයාගේ අපේක්ෂාවන් කඩ කෙරුවා. දැන් එම ක්‍රමය වෙනස් කරන්නට කාලයයි.” බටහිර ඔස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂ නායක Mark McGowan පැවසීය.

මේ අතර මෙවර බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත මැතිවරණයට One Nation පක්ෂය ප්‍රථම වරට තරග කරයි.

මුල සිටම One Nation පක්ෂය බටහිර ඔස්ට්‍රේලියානු මැතිවරණ වේදිකාවේ පුවත් මැවූ අතර ඊයේ දිනයේදී ඔවුන්ගේ තවත් මැතිවරණ අපේක්ෂකයෙක් පක්ෂය හැර ගියේය.

One Nation පක්ෂයෙන් Scarborough ආසනයට තරග වැදීමට සිටි Margaret Dodd අද (11/03) දිනයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග වැදීමට නියමිත බව වාර්තා වේ.

Margaret Dodd විසින් One Nation පක්ෂයේ සාමාජිකත්වය දරනු ලැබුවේ සති හතරක කාලයක් පමණකි.

One Nation පක්ෂය හට ඉදිරියට යාමට නොහැකි බව ඇය  පවසයි.

අවංක බව, විශ්වාසය සහ විනිවිදභාවය ඉතා අවම වීම ඊට හේතුන් ලෙස ඇය පෙන්වා දෙයි.

බටහිර ඔස්ට්‍රේලියානු පූර්ව මැතිවරණ සමය තුළ  One Nation පක්ෂය හැර ගිය 5 වන අපේක්ෂකයා Margaret Dodd බවද වාර්තා වේ.

අද පැවැත්වෙන මැතිවරණයේදී ආසන 59 ක මැතිවරණය පැවැත්වෙන අතර පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා ඡන්දය භාවිතා කළ හැකි වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now