වසර 55කට පසුව Western Bulldogs කණ්ඩායම AFL අවසන් මහා තරගයට - (SBS සිංහල / වාර්තා)

වසර 55කට පසුව මෙවර තරගාවලියේදී Bulldogs කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබීම සුවිශේෂී කාරණයක් වන අතර, තරගාවලියේ මුලික වටය (home-and-away rounds) නිමාවට පත් වන විට 7 වැනි ස්ථානයේ පසු වූ ඔවුන් මෙලෙස අවසන් තරගය දක්වා පැමිණීම තවත් වැදගත් කරුණ ලෙස දැක්විය හැකියි.

Jordan Roughead

Western Bulldogs ruckman Jordan Roughead is hopeful his injured right eye will heal in time. (AAP) Source: AAP

2016 AFL (Australian Football League ) තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන ඔක්තෝබර් 1 සෙනසුරාදා Sydney  Swans සහ Western Bulldogs කණ්ඩායම අතර MCG ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

වසර 55කට පසුව මෙවර තරගාවලියේදී Bulldogs  කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබීම සුවිශේෂී කාරණයක් වන අතර, තරගාවලියේ මුලික වටය (home-and-away rounds) නිමාවට පත් වන විට 7 වැනි ස්ථානයේ පසු වූ ඔවුන් මෙලෙස අවසන් තරගය දක්වා පැමිණීම තවත් වැදගත් කරුණ ලෙස දැක්විය හැකියි.

Western  Bulldogs  කණ්ඩායම අවසන් වතාවට AFL  අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත්තේ 1961 වසරේදී වන අතර එම වසරේ Hawthorn කණ්ඩායම හමුවේ ඔවුන් පරාජයට පත් වූ අතර, අවසන් වතාවට ඔවුන් AFL  ශුරතාවය හිමි කරගෙන තිබෙන්නේ 1954 වසරේ බව සදහන්. 1954 වසරේ  Demons  (Melbourne Football Club ) කණ්ඩායමට එරෙහිව පැවති අවසන් තරගය ජයගනිමින් AFL  ශුරතාවය හිමි කරගන්නට Bulldogs  කණ්ඩායම සමත් විය.

2016 AFL  තරගාවලියේ අවසන් වටයේදී GWS (Greater Western  Sydney ) කණ්ඩායම තියුණු තරගයකින් පරාජයට පත් කරමින් Western  Bulldogs  කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබන්නට සමත් විය. අවසන් ලකුණු සංඛ්‍යාව 83ට 86ක් ලෙස එම තරගයේ ජය සහතික කරගන්නට Bulldogs  ක්‍රීඩකයින්ට හැකිවිය.

අවසන් වටයේදී Sydney Swans කණ්ඩායම Geelong Cats කණ්ඩායම සමගින් තරග වැදුනු අතර එම තරගයෙන් ලකුණු 37ක ජයක් අත්  කරගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට Swans කණ්ඩායම සමත් විය. පසුගිය වසර 5 තුල Sydney  Swans  කණඩායම AFL  අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ තුන්වැනි වතාව මෙයයි.  Swans  කණ්ඩායම අවසන් වතාවට AFL  අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ 2014 වසරේදී වන අතර එහිදී ඔවුන් Hawthorn  කණඩායම හමුවේ පරාජයට පත් විය. 2012 වසරේදී අවසන් වතාවට Swans  කණඩායම AFL  ශුරතාවය හිමිකරගත්තේ Hawthorn  කණ්ඩායම පරාජයට පත් කරමින්.

AFL  ඉතිහාසය තුල Sydney  Swans  කණ්ඩායම 5 වතාවක් ශුරතාවය හිමිකරගෙන ඇති අතර, Western  Bulldogs  කණ්ඩායම ශුරතාවය හිමිකරගෙන ඇත්තේ එක්  වතාවක් පමණි.

2016 AFL  තරගාවලියේ මුලික වටයේ තරග වලදී Swans  සහ Bulldogs  කණ්ඩායම් මුණ ගැසී ඇත්තේ එක වතාවක් පමණක් වන අතර, එම තරගයෙන් ලකුණු 4ක  තියුණු ජයක් වාර්තා කරන්නට Bulldogs  කණ්ඩායම සමත් විය.
 
MCG  ක්‍රීඩාංගනයේදී Swans  කණ්ඩායම සහභාගී වූ අවසන් තරග 14න්  9ක ජය ඔවුන් හිමි කරගෙන ඇති අතර, Bulldogs  කණ්ඩායම MCG  ක්‍රීඩාංගනයේ සහභාගී වූ අවසන් තරග 7න් 5ක ජය ඔවුන්ට හිමි වී තිබේ.

මෙවර අවසන් තරගයේ වැඩි වාසි  Swans  කණ්ඩායම හිමි බව බොහෝ විචාරකයින් ප්‍රකාශ කලත්, Bulldogs කණ්ඩායම බොහෝ දෙනෙක් නොසිතු ලෙස මෙවර තරගාවලියේ ඉදිරියට පැමිණීමත් සමග මෙවර අවසන් තරගය තියුණු තරගයක් බවට පත් වනු ඇති.


Share

Published

Updated

By Sanjaya Dissanayake

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service