SKIP TO MAIN CONTENT

කොරෝනා වයිරස තර්ජනය හමුවේ ඕස්ට්‍රේලියානු මහා බැංකු අනුපාතික අඩු වීමත් සමග Westpac හා Commonwealth බැංකු පොලී අනුපාතික අඩු කරයි (SBS සිංහල / වාර්තා)

s
Source: SBS Sinhala

2 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

ඕස්ට්‍රේලියානු මහා බැංකුව විසින් අද දින පොලී අනුපාතික 0.5%ක් දක්වා පහත දැමු අතර මේ පිලිබදව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය Scott Morrison ප්‍රකාශ කොට තිබුනේ බැංකු විසින් යහපත් ව්‍යාපාර ලෙස එය ජනතාවට ලබා දිය යුතු බවයි.

ඒ අනුව Westpac බැංකුව නිවේදනය කොට ඇත්තේ ඔවුන්ගේ විචල්‍ය වාර්ෂික පොලී අනුපාතික 0.25%කින් අඩු කරන බවයි. එසේම කුඩා ව්‍යාපර වලට ලබා දෙන ණය හා බැංකු අයිරා සදහාද පොලී අනුපාතික අඩු කිරීම සිදු කරන බව ඔහු පවසා තිබේ. එසේම මෙය මෙම මාර්තු 17 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති.

s
බැංකු සම්පුර්ණයෙන් පොලී අනුපාතික අඩු කිරීම ලබා දුන හොත් ඉතිරි වන මුදල් Source: Nine Network

Commonwealth බැංකුවද ඒ අනුව ඔවුන්ගේ විචල්‍ය පොලී අනුපාතිකය 0.25%කින් අඩු කරන බවට ප්‍රකාශ කොට තිබේ. එසේම NAB බැංකුවද එලෙසම පොලී අනුපාතික අඩු කර ඇති අතර එය මාර්තු 13 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

මේ අනුව ඩොලර් 400,000ක නිවාස ණයක් ඇති පුද්ගලයෙකුට මසකට ඩොලර් 56ක් හා වසරකට ඩොලර් 672ක් ඉතිරි කර ගත හැකි වේ.

මේ අනුව ඩොලර් 500,000ක නිවාස ණයක් ඇති පුද්ගලයෙකුට මසකට ඩොලර් 70ක් හා වසරකට ඩොලර් 843ක් ඉතිරි කර ගත හැකි වේ.

මේ අනුව ඩොලර් 750,000ක නිවාස ණයක් ඇති පුද්ගලයෙකුට මසකට ඩොලර් 105ක් හා වසරකට ඩොලර් 1265ක් ඉතිරි කර ගත හැකි වේ.

s
Source: Nine Network

අග්‍රාමාත්‍ය Scott Morrison ප්‍රකාශ කලේ චීනයේ සිට ඕස්ට්‍රේලියානුවන් ගෙන්වීමට අවශ්‍ය වූ විට Qantas ආයතනය සහය වූ ආකාරයෙන් බැංකුත් මේ අවස්තාවේදී ජනතාවට සහය දිය යුතු බවයි.

RateCity.com.au හි Sally Tindall පවසන්නේ මෙම westpac බැංකු සම්පුර්න පොලී අනුපාතික සහය ලබා දීමෙන් පසුව වෙනත් බැංකුද එසේ කරනු ඇති බවයි. ඒ අනුව Westpac සාමාන්‍ය බැංකු ණය හිමියෙකුට මසකට ඩොලර් 55ක් හා වසරකට ඩොලර් 662ක් ඉතිරි කර ගත හැකි වනු ඇති බව පැවසේ.

Source: Nine News

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now