ලියාපදිංචි නොකර සුනඛයෙකු ඇති කිරීම, විදෙස් රියදුරු බලපත්‍රයකින් රිය පැදවීම, ඔබේ වාහනය අගුලු නොදැමීම , ආවරණය වූ දුම්රිය ස්ථාන වල දුම් පානය ආදී කරුණු සුළු වැරදි ලෙස සැලකිය හැකියි

ඔබේ මව් රටේ තත්වයට වඩා මෙරටේ නීති වෙනස් බැවින් මේ සුළු වැරදි පිළිබද අවධානය යොමු කිරීම වැදගත්. එසේම සුපිරි වෙළද සල් වල මිලදී ගැනීමට පෙර පලතුරු ආදියෙහි රස බැලීමත්, භාණ්ඩ සොරකමක් ලෙසට සැලකෙනවා.

එසේම ඔබේ වාහනයේ හෝ නිවසේ අධික ශබ්දයකින් සංගීතය වාදනයත් නීති විරෝධී වේ. විශේෂයෙන්ම උදැසන , රාත්‍රියේ එය විශේෂිතයි .එසේම කුඩා දරුවන් පාසල් නොයැවීම නිසාද දෙමාපියන් පවුල් හා ප්‍රජා සේවා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමට ලක්වේ

මෙසේ සුළු වැරදි වලට දඩ ගෙවීමට සිදු විය හැකි අතර , ඔබට එය ගෙවීමේ හැකියාවක් නැත්නම් ඔබට Legal Aid ආයතනයේ සහය ලබා ගෙන ඒ වෙනුවට ප්‍රජා සේවා වල යෙදීමටත් හැකියාව තිබේ. නමුත් සමහර වැරදි අනුව අපරාධයක් ලෙස එය වාර්තා විය හැකියි

සැම විටම නීතින්ග්‍ය සහය ලබා ගන්න
සුළු වැරද්දක් වුවත් සෑම විටම නීති උපදෙස් ලබා ගැනීම වැදගත්. Legal Aid සේවාව තුලින් නොමිලයේ උපදෙස් ලබා ගත හැකියි . ඔබේ තොරතුරු වල රහස්‍ය භාවයද රැකෙයි



